Press "Enter" to skip to content

යොහානිගේ මැණිකේට නීතිමය ගැටළුවක් හරස්වෙයි

යොහානිගේ “මැණිකේ මගේ හිතේ” සිංහල ගීතයට ලොවපුරා සාර්ථක ප්‍රතිචාර හිමිවීමත් සමඟ ඇය විසින් දෙමළ සංස්කරණයක් නිල වශයෙන් ඉදිරිපත් කිරීමට උනන්දු වුණා.

ඒ අනුව යොහානි Anas Shajahan සමග එක්ව ගයන පෙර ගීතයේ නිර්මාණයට දායක වූ චමත් සංගීත්ගේ සංගීතයටම නව නිර්මාණයක් කරමින් එහි දමිළ ගීතයක් නිර්මාණය කළා.

Anas Shajahan සහ NST මෙහි පදවැල රචනා කළ අතර ඉන්දියානු C Music South සමාගම මලයාලම් දමිළ ගීතයේ නිෂ්පාදන කටයුතු සිදු කටයුතු කළා.

මෙම ගීතයේ පූර්ණ අයිතිය අදාළ සමාගම සතුවූ අතර ගිවිසුම අනුව ඊට පෙනී සිටීම නිසා ගීත ගායනයට යොහානි කර්තෘභාගය හිමියි.

කොහොම වුනත් එම ගිවිසුම ප‍්‍රකාරව මෙම ගීත නිර්මාණය යොහානිගේ YouTube නාලිකාව තුළින් ප‍්‍රසිද්ධ කිරීමට ඇයට අවසර නැහැ.

මලයාලම් හා දෙමළ වර්ෂන් එකක් එන්නට නියමිත බවට පමණක් දැනුම් දීමේ කෙටි වීඩියෝවක් පසුගිය ජුලි 25 වන දින යොහානි සිදු කරමින් එහි වීඩියෝ විස්තරයේ C Music South සමාගමට දීලා තිබුණා.

කෙසේ වෙතත් නීතිමය හේතුවක් මත එම සංස්කරණය කරන ලද මලයාලම් දමිළ ගීතය YouTube නාලිකාවෙන් ඉවත් කිරීමට සිදුව තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)

Viber
More from | ENTERTAINMENTMore posts in | ENTERTAINMENT »