Press "Enter" to skip to content

“මැණිකේ මගේ හිතේ…” අමෙරිකාවත් ආක්‍රමණය කරයි

මේ දවස්වල ලෝකයේ බොහෝ රටවල යොහානි ද සිල්වා ගායනා කරන මැණිකේ මගේ හිතේ ගීතය ජනප්‍රිය වී තිබෙනවා.

ලෝකයේ වැඩිපුරම ඇසූ ගීත අතරට මෙම ගීතයත් එකතු වෙද්දි Karolina Protsenko නම් වූ 12 හැවිරිදි වයලින් වාදන ශිල්පිනියක් මැණිකේ මගේ හිතේ ගීතය වයලීනයෙන් වාදනය කරන වීඩියෝවක් සමාජ මාධ්‍ය හරහා සංසරණය වනවා.

අමරිකාවේ ජිවත් වෙන ඇය යුක්රේන ජාතික වාදන ශිල්පිණියක්.

ඇයට වයස අවුරුදු 6දී දෙමාපියන් එක්ක අමරිකාවේ පදිංචියට පැමිණෙනවා.

ඇය මේ වනවිට අමරිකාවේ වීදී වයලීන වාදන ශිල්පිනියක් හැටියට ජනප්‍රිය අතර ඇය වයලීනය අතට ගන්නෙත් අවුරුදු 6දී බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
(colombotimes.lk)

Viber
More from | ENTERTAINMENTMore posts in | ENTERTAINMENT »