Press "Enter" to skip to content

කිරිපිටි හිඟය තවත් මසකින් දීර්ඝ වන ලකුණු

කිරිපිටි කිලෝවක මිල රුපියල් 200 කින් වැඩි කිරීමට ජීවන වියදම් කමිටුව හරහා ඉල්ලීමක් කර ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය මහතා පවසනවා.

එම මිල වැඩිවීම ලබන අඟහරුවාදා වන විටවත් සිදු නොවුණහොත් කිරිපිටි සැපයුම සාමාන්‍ය තත්වයට පත්වීමට තවත් මාසයක් පමණ ගතවීමට ඉඩ ඇති බවයි ඔහු පැවසුවේ.

වරායේ තිබෙන කිරිපිටි ඉක්මණින්ම මුදානොගතහොත් නරක් වීමේ ඉඩකඩ ඇති බවත්, වර්තමාන වෙළෙඳපොලේ කිරිපිටි ඉල්ලුමෙන් සියයට 10 ක පමණ ප්‍රමාණයක් ඇති බවත් කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළා.

කිරිපිටි ආනයනකරුවන් ආනයනය කළ කිරිපිටි ටොන් විශාල ප්‍රමාණයක් ඩොලර් හිඟය නිසා නිදහස් කරගැනීමට නොහැකිව වරායේ සිරවී ඇති බවත්, අගමැතිතුමා කඩිනමින් වරායෙන් බහලුම් නිදහස් කිරීමට උපදෙස් දුන්න ද ගෙවීම් කිරීම ගැටලුකාරී වී තිබෙන බවයි සඳහන් කළේ.

ඩොලරයට සාපේක්ෂව පිටි මිල රුපියල් 200 කින් වැඩි කළ ද පාඩුව අඛණ්ඩව සිදුවන නිසා රුපියල් 350 කින් වැඩි කරන ලෙස ඉල්ලීම කළ බවත් මෙම තත්වය හමුවේ නැවත මාස හයකින් පමණ මිල වැඩි කිරීමට සිදුවනු ඇති බවත් ලක්‍ෂ්මන් වීරසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)

Viber