Press "Enter" to skip to content

අමෙරිකාවේ මිලියන 11.1ක පිරිසක් සිඟමනට

අමෙරිකාවේ සේවය හැර යන පුද්ගලයන් සංඛ්‍යාව වාර්තාගත අයුරින් ඉහළ යමින් ඇති බව එරට කම්කරු දෙපාර්තමේන්තුව ප්‍රකශ කර තිබෙනවා.

එම දෙපාර්තමෙන්තුවේ වාර්තාවන්ට අනුව අගෝස්තු මාසයේදී රැකියාවලින් ඉවත් වී ඇති පිරිස මිලියන 4.3 ඉක්මවා ගොස් ඇති අතර එය සමස්ත සේවා නියුක්තියෙන් 2.9%ක් ලෙස සඳහන්.

මෙය එරට ඉතිහාසයේ වැඩිම පිරිසක් රැකියාවලින් ඉවත් වූ අවස්ථාව බවටයි වාර්තා වන්නේ.

එමෙන්ම ජූලි මාසයේ සිට අමෙරිකාවේ මිලියන 11.1 ක පිරිසක් සිඟමන් යැදීමට යොමුවී ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා. (colombotimes.lk)

Viber