Press "Enter" to skip to content

මුදල් සංශෝධනය පනත් කෙටුම්පත නීති විරෝධී – ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම්

රජය මඟින් පසුගිය 20 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මුදල් පනත් කෙටුම්පත නීතිවිරෝධී බවත් එය සම්මත කිරීමට ජනමත විචාරණයක් සිදුකළ යුතු බවත් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.

එම පෙත්සම් වල වග උත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර ඇති අතර සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ, එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයෙකු සහ වෘත්තිය සමිති ක්‍රියාකාරිකයකු වන සමන් රත්නප්‍රිය සහ ලංකා බැංකු සේවක සංගමයේ හිටපු නියෝජ්‍යලේකම් ඒ.කේ.විතාන යන මහත්වරු විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.(colombotimes.lk)

More from | LOCALMore posts in | LOCAL »