Press "Enter" to skip to content

මිනිස් පරිණාමයේ නව සාමාජිකයා

මිනිස්සු එහෙම නැත්නම් හෝමෝ සේපියන් පරිණාමය වීම ගැන අපිට තිබෙන්නේ ලොකු කුතුහලයක්.අන්න ඒ කුතුහලය තියෙන මිනිසුන් විසින් හොයාගත්තු තවත් අපූරු සොයා ගැනීමක් ගැන තමයි මේ කියන්න යන්නේ.

Archaeologists have unearthed a new type of prehistoric human that emerged 400,000 years ago and which is thought to have likely interbred with Homo sapiens. Pictured: a 3D model showing the skull and jaw fragments of the newly identified Nesher Ramla Homo

පුරාවිද්‍යාඥයෝ විසින් මීට අවුරුදු ලක්ෂ හතරකට කලින් ජීවත් වුණා යැයි සැලකෙන අලුත් මානව වර්ගයක් ගැන හොයාගෙන තිබෙනවා. හෝමෝ සේපියන්වරුන්ට පෙර ඔවුන් ඉන්න ඇතැයි කියලයි විද්‍යාඥයන් අනුමාන කරන්නේ.

The team suspect that the Nesher Ramla people were the source from which most humans of the Middle Pleistocene developed — including 'European' Neanderthals

ඊශ්‍රායලයේ රම්ලා නගරයට ආසන්නයේ තිබුණ සිමෙන්ති කම්හලකදී තමයි “නේෂර් රම්ලා” නමින් හැඳින්වෙන මානවයෙකුගේ හිස් කබලක කොටසක් සහ හකු කොටස් හමු වෙන්නේ. මේ හිස් කබල සහ හකු අයිති දේහය වසර එක්ලක්ෂ හතලිස් දහසකට පමණ පෙර හොයාගෙන තිබුණා.

'This is an extraordinary discovery. We had never imagined that alongside Homo sapiens, archaic Homo roamed the area so late in human history,' said paper author and archaeologist Yossi Zaidner of the Hebrew University of Jerusalem. Pictured: the Nesher Ramla remains

මේ සොයා ගත් හිස් කබල සහ හකු කොටස් පාවිච්චි කරමින් ඩිජිටල් ආකාරයේ රූපයක් නිර්මාණය කළාට පස්සෙ මෙම නූතන මිනිසුන්ට වඩා බෙහෙවින් වෙනස් ලක්ෂණයන් තිබෙන බව හෙළි වෙලා තියෙන්නේ. තරමක් වෙනස් වුණත් නියැන්ඩර්තාල් වරුන්ට පොදු ලක්ෂණ කිහිපයකුත් මේ නේශර් රම්ලාගෙන් දැක ගන්න පුළුවන්.
කොහොම වුණත් මේ හොයා ගැනීම නිසා මානව පරිණාමයේ තිබුණ විශාල ගැටළු කිහිපයකට පිළිතුරු ලබාගන්න ඔවුන්ට හැකි වෙලා තිබෙනවා. පර්යේෂකයන් පවසන විදිහට “නේෂර් රම්ලා” පරිදි මීට වසර ලක්ෂ දෙකකට පමණ පෙර, වර්තමාන හෝමෝ හෝමෝසේපියන් සමඟින් සර්සංගයේ යෙදුන මානව කොටසක් බවට තමයි අනුමාන කරන්නේ.

The remains were found during a dig (pictured) in the mining area of the Nesher cement plant. Digging 26 feet down, the researchers also found large quantities of animals bones — including horses, fallow deer and and ox-like aurochs — and stone tools

ඊශ්‍රායලයේ ටෙල් අවිව් විශ්වවිද්‍යාලයේ කතුවරයෙකු සහ ජීව විද්‍යාත්මක මානව විද්‍යාඥයෙකු විසින් ඒ සම්බන්ධව කරුණු කිහිපයක් ප්‍රකාශ කරලා තිබෙනවා. ඔහු පවසන පරිදි මීට පෙර සොයාගත් මානව පොසිල පිළිබඳව නව අවබෝධයක් ලබා ලබාගැනීමටත්, මානව පරිණාමයේ ගැටළුකාරී තැන් විසදා ගැනීමටත්, අවුරුදු ගණනාවකට පෙර මිනිසුන්ගේ සංක්‍රමණයන් පිළිබඳ අවබෝධ කර ගැනීමටත් හැකියාවක් මේ නව සොයා ගැනීම නිසා හැකිවෙලා තියෙනවා.

රම්ලා සිමෙන්ති කම්හලේ පතල් කැණීමේදී තමයි මේ නටඹුන් ඔවුන්ට හමු වෙලා තිබෙන්නේ. අඩි 26 ක් පමණ ගැඹුරින් අශ්වයින්, මුවන්, ගවයන් වගේ සත්වයින්ගේ වගේම විශාල සත්ත්වයන්ගේ ඇටකටු සොයාගෙන තිබෙනවා.

සොයාගත් අස්ථි රූප විද්‍යාව අනුව විශ්ලේෂණය කිරීමෙන් ඔවුන් මේ කරුණු තහවුරු කරගෙන තිබුණා. “නේෂර් රම්ලා” හෝමෝවරුන් සතුව උසස් ගල් ආයුධ නිෂ්පාදන සහ තාක්ෂණයන් තිබූ බවත් ඔවුන් බොහෝ දුරට වර්තමානයේ සිටින හෝමෝසේපියන් වරුන් සමඟ අන්තර් ක්‍රියා සිදු කරලා තිබෙන බවත් විද්‍යාඥයින් අනුමාන කරනවා.

මානව වර්ග පරිණාමනය වෙනකොට සිටි නියැන්ඩර්තාල් වරුන් කුඩා කණ්ඩායම් ලෙස ග්ලැසියර් වලින් බේරීම සඳහා දකුණු දෙසට සංක්‍රමණය සංක්‍රමණය වී තිබුණා. ඉන් සමහර දෙනෙක් මීට වසර 60,000 පමණ පෙර ඊශ්‍රායලය දේශයට පැමිණෙන ඇති කියලයි ඔවුන් අනුමාන කරන්නේ.

Skull and jaw fragments of a 'Nesher Ramla' Homo were found at an open-air prehistoric site of the same name at a cement plant near the city of Ramla, Israel

ඉතින් මේ මානව පරිණාමයේ කාලරාමුව වසර මිලියන ගණනක් පැරණි බව සොයා ගන්න පුළුවන් වුණා. මිනිස් ගස එහෙම නැත්නම් මිනිසාගේ පරිණාමයේ පවුල් ගස සිදුවී ඇති ආකාරය පිළිබඳව මෙලෙස සටහන් වී තිබෙනවා.

A recreation of a Neanderthal man is pictured 

අවුරුදු මිලියන 55 කට පෙර – පළමු ප්‍රාථමික ප්‍රයිමේට් පරිණාමය

අවුරුදු මිලියන 15 කට පෙර – හොමිනිඩේ (මහා වානරයන්)

අවුරුදු මිලියන 7 කට පෙර – පළමු ගෝරිල්ලන් පරිණාමය / පසුකාලීනව, චිම්ප් සහ මානව පරම්පරාවන් අපසරනය

මීට වසර මිලියන 5.5 කට පෙර – ආර්ඩිපිටෙකස්, මුල් ‘ප්‍රෝටෝ-හියුමන්’ චිම්පස් සහ ගෝරිල්ලන්

මීට වසර මිලියන 4 කට පෙර – මුල් මිනිසුන් මෙන් වානරයන්, ඔස්ට්‍රොලොපිතෙසීන් (ඔවුන්ගේ මොළය චිම්පන්සියකට වඩා විශාල නොවූ නමුත් වෙනත් මානව ලක්ෂණ වලට වඩා වැඩි ය)

මීට වසර මිලියන 3.9-2.9 කට පෙර – ඔස්ට්‍රොලොයිපිතෙකස් ඇෆරෙන්සිස් අප්‍රිකාවෙන්

මීට වසර මිලියන 2.7 කට පෙර – පරන්ට්රොපස් (වනාන්තරවල ජීවත් වූ අතර හැපීම සඳහා විශාල හකු තිබුණි)

මීට වසර මිලියන 2.6 කට පෙර – අත් අක්ෂය (පළමු ප්‍රධාන තාක්ෂණික නවෝත්පාදනය බවට පත්විය)

මීට වසර මිලියන 2.3 කට පෙර – හෝමෝ හැබිලිස්

අවුරුදු මිලියන 1.85 කට පෙර – පළමු ‘නවීන’ හස්තය

මීට වසර මිලියන 1.8 කට පෙර – හෝමෝ එර්ගාස්ටර් (පොසිල වාර්තාවල පෙනෙන්නට පටන් ගනී)

අවුරුදු 800,000 කට පෙර – මුල් මිනිසුන් ගින්න පාලනය කර ලිපිගොනු නිර්මාණය කරයි. මොළයේ ප්‍රමාණය වේගයෙන් වැඩිවීම

මීට වසර 400,000 කට පෙර – නියැන්ඩර්තාල්වරු ප්‍රථම වරට යුරෝපය හා ආසියාව පුරා ව්‍යාප්ත වීමට පටන් ගැනීම

අවුරුදු 300,000 සිට 200,000 කට පෙර – හෝමෝ සේපියන්ස් – නූතන මිනිසුන් – අප්‍රිකාවේ

අවුරුදු 50,000 සිට 40,000 කට පෙර – නූතන මිනිසුන් යුරෝපයට ළඟා වීම (colombotimes.lk)

More from | 𝗕𝗟𝗢𝗚More posts in | 𝗕𝗟𝗢𝗚 »