Press "Enter" to skip to content

මින් පසු WhatsApp හඬ පණිවිඩ අවුල් කරගන්න එපා !

WhatsApp හරහා පණිවුඩ යැවීමේදී ලිඛිත පණිවිඩයකට වඩා කටහඬ සටහනක් (Voice Messages) යැවීම පහසු බව බොහෝ දෙනෙකු පවසනවා.

හඩපට පටිගත කිරීමෙන් පසු එය පණිවිඩ ස්වයංක්‍රීයව යවන අතර ඒවායේ දෝෂ තිබෙනවාද ? නැතිද ? යන්න දැනගැනීමට හැකියාවක් නැහැ.

නමුත් මේ සඳහා පිළියමක් ලෙස WhatsApp නව Voice Message Previews ලෙස මෙවලමක් දියත් කර තිබෙනවා.

මේ පිළිබඳව පැහැදිලි කරමින් WhatsApp ආයතනය පැවසුවේ ‘දැන් ඔබට ඔබේ හඬ පණිවිඩය යැවීමට පෙර WhatsApp හි Previews කල හැකි අතර, ඔබට ඔබේ පණිවිඩය නිවැරදිව යැවීමට අවශ්‍ය අවස්ථාවන් මෙමගින් පරිපූර්ණ වේ’ යනුවෙන්.

පළමුව WhatsApp Voice Message දියත් කර ඇත්තේ 2013 වසරේ වන අතර එතැන් සිට Voice Messages ලොව පුරා වඩාත් ජනප්‍රිය විශේෂාංගයක් බවට පත්ව තිබෙනවා.

මෙමඟින් ඔබට කෙටි පණිවිඩයකට වඩා වැඩි දෙයක් ලබා දෙමින් මිතුරන් සහ පවුලේ අයට සමීප කරන අතර, එය ඇමතුමක් මෙන් නොවන පණිවිඩ යැවීමක් බව එම සමගම අවධාරණය කරනවා. එමෙන්ම මෙමගින් පණිවිඩයක් යැවීමට පෙර එය යවන ආකාරය පිළිබඳව නිදහසේ තෝරාගැනීමට හැකියාව පවතිනවා.

කෙසේ වෙතත්, මේ දක්වා සම්මත හඬ පණිවිඩ ස්වයංක්‍රීයව යවා ඇත්තේ ඒවායේ දෝෂ තිබේද නැද්ද යන්න නොසලකා හරිමින් බවයි එම ආයතනය සඳහන් කළේ.

ඒ අනුව මෙම නව Voice Message Preview විකල්පයෙන් අදහස් වන්නේ ඔබට එය යැවීමට හෝ නොයවා සිටීම පිළිබඳ තීරණය ගැනීමට ඔබේ පටිගත කිරීම පරීක්ෂා කර බැලීමට අවස්ථාවක් සකස් කර දීමයි.

නව විශේෂාංගයට ප්‍රවේශ වීමට, තනි පුද්ගල හෝ කණ්ඩායම් ලෙසද අවස්ථාව හිමිවනවා. ඒ සඳහා කලයුත්තේ පහළ දකුණු කෙළවරේ ඇති මයික්‍රෆෝනය ස්පර්ශ කිරීම පමණයි. මේ සඳහා ඔබට හෑන්ඩ්ස්-ෆ්‍රී මෙවලම්ද භාවිතා කළ හැකියි.

පටිගත කිරීම අවසන් වූ පසු, ඔබේ පටිගත කිරීමට සවන් දීමට Play ලෙස Touch කරන්න. අවසාන වශයෙන්, හඬ පණිවිඩය මැකීමට Trash අංගය Touch කරන්න, නැතහොත් එය යැවීමට Send අංගය Touch කරන්න.

නව මෙවලම දියත් කිරීම පැමිණෙන්නේ WhatsApp විසින් දින 90ක් තුළ පැය 24 කට පසු ස්වයං-විනාශ කිරීමට අවස්ථාව ලබා දීමත් සමඟයි. එමෙන්ම කතාබස් තේරීම මෙන්ම ඒ සඳහා පවතින දින 7ක විකල්පය සමඟ එහි අතුරුදහන් වන පණිවිඩ විශේෂාංගය පුළුල් කිරීමෙන් ටික කාලයකටද පසුව වීම විශේෂත්වයක්.

එමෙන්ම Disappearing Messages විශේෂාංගය ක්‍රියාත්මක කිරීමෙන් පරිශීලකයා නිශ්චිත කාල සීමාවෙන් පසු තෝරාගත් Chat වලින් සියලුම නව පණිවිඩ අතුරුදහන් වීම සිදුවනවා.

පුද්ගලික හේතුවක් නිසා මිනිසුන්ට ඔවුන්ගේ පණිවිඩ මැකීමට අවශ්‍ය විය හැකියි. උදාහරණයක් ලෙස, ඔවුන්ට ඕනෑම තැනකට ප්‍රවේශ වීමට අවශ්‍ය නොවන සංවේදී තොරතුරු ඒවායේ අඩංගු විය හැකියි.

සාමාන්‍යයෙන්, WhatsApp හට මුහුණට මුහුණ සංවාදවලට ආරක්ෂාව ලබාදීම හා අනුකරණය කිරීමට අවශ්‍යතාව පැමිණ තිබෙනවා. මෙහිදී පරිශීලකයින්ට ඔවුන්ගේ පණිවිඩ මාර්ගගතව ගබඩා නොවන බව දැන ගැනීමට අවශ්‍ය වී තිබෙනවා.

WhatsApp විසින් පරිශීලකයින්ට ඔවුන්ගේ සියලුම නව කතාබස් සඳහා අතුරුදහන් වන පණිවිඩ ක්‍රියාත්මක කිරීමේ හැකියාව ලබා දී ඇත්තේ ඉහත හේතුව නිසායි.
(colombotimes.lk)

Viber