Press "Enter" to skip to content

ලෝක කුසලානයට සහභාගී වන අවසන් 15 නම් කරයි

එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා අවසන් සංචිතය අද(10) ප්‍රකාශයට පත් කර තාබෙනවා.

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

පළමුව නම් කෙරුණු ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයේ රැදී සිටි ළහිරු මදුෂංක ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහුට මෙවර ලෝක කුසලාන තරගාවලිය අහිමි වුණා.

එමෙන්ම නුවන් ප්‍රදීප් ද පසුගියදා ඕමානයට එරෙහිව පැවැති පළමු 20යි 02 තරගයේ දී ආබාධයකට ලක් වූ බැවින් ඔවුන් දෙදෙනා වෙනුවට බිනුර ප්‍රනාන්දු හා ළහිරු කුමාර සංචිතයට කැදවා තිබෙනවා.

එමෙන්ම පැතුම් නිස්සංක ද සංචිතයේ ස්ථානයක් හිමි කර ගෙන ඇත්තේ කමිදු මෙන්ඩිස් වෙනුවටයි.

අකිල ධනංජය ද අවසන් සංචිතයට නම් කර ඇති අතර, ප්‍රවීන් ජයවික්‍රමට ඒ අනුව සංචිතයේ ස්ථානය අහිමි වී තිබෙනවා.

ඕමානයේ දී හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ලබන 17 වනදා සිට නොවැම්බර් 14 වනදා දක්වා පැවැත්වීමට නියමිත මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ තරග සදහා ශ්‍රී ලංකාව ක්‍රීඩා කිරීමට නියමිතව ඇති අතර, ඔවුන් ක්‍රීඩා කරන පළමු තරගය ඔක්තෝබර් 18 වනදා නැමීබියාවට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා සංචිතය පහතින්, (colombotimes.lk)

Viber