Press "Enter" to skip to content

කොවිඩ් මුඛ එන්නතේ ප්‍රථම සායනික පරීක්ෂණයට ඊශ්‍රායලය සූදානම්

කොවිඩ් වෛරසය සඳහා මුඛය මඟින් ලබා දෙන එන්නතක් සම්බන්ධයෙන් ලොව පළමු වරට සායනික පරීක්ෂණ ආරම්භ කිරීමට ඊශ්‍රායෙල් සමාගමක් සුදානම් වනවා.

ඒ, ජෙරුසලෙම් හි පිහිටි ඔරාම්ඩ් ෆාමසිටිකල්ස් අනුබද්ධිත සමාගමක් වන ඔරාවැක්ස් මෙඩිකල් ආයතනය විසින්.

ඊශ්‍රායෙල් අගනුවර වන ටෙල් අවිව් හි පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානයේදී මෙම පරීක්ෂණය සිදුකිරීමට නියමිතයි.

කෙසේ වෙතත් අදාළ එන්නතේ පරීක්ෂණ සඳහා එම සමාගමට ඊශ්‍රායෙල් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ලබා ගැනීමට තවත් දින කිහිපයක් ගතවනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කොවිඩ් වෛරසය සඳහා ලබා දෙන එන්නතට සාපේක්ෂව මුඛය මඟින් ලබා දෙන මෙම නව එන්නත වේගවත් සහ ලාභදායි මෙන්ම නිෂ්පාදනයට පහසු බවට අදාළ වෛද්‍ය කණ්ඩායම ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම මෙම එන්නත අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවලට පහසුවෙන් බෙදා හැරිය හැකිය බවයි අදාළ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයා ප්‍රකාශ කළේ. (colombotimes.lk)

More from | INTERNATIONALMore posts in | INTERNATIONAL »