Press "Enter" to skip to content

“කාබනික පොහොර ප්‍රවර්ධන සතිය” අදින් ඇරඹේ

අදින් ඇරඹෙන සතිය කාබනික නිෂ්පාදන සතිය ලෙස නම්කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

කාබනික පොහොර ප්‍රවර්ධන සතියේ සමාරම්භක උත්සවය මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

ගොවි මහතුන් දැනුවත් කිරීම මෙන්ම කාබනික පොහොර නිෂ්පාදනයට අදාළ අත් පොතක් හදුන්වාදීම ද මෙහිදී සිදු කෙරුණා.

එමෙන්ම එහිදී වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා Zoom ඔස්සේ කාබනික වගා ප්‍රවර්ධන සතියට සුබපැතුම් එක් කර තිබෙනවා. (colombotimes.lk)

More from | LOCALMore posts in | LOCAL »