අද (17) දින ආරම්භ වීමට නියමිතව තිබූ පකිස්ථාන – නවසීලන්ත ක්රිකට් තරගාවලිය ආරක්ෂක හේතුන් මත අවලංගු කළ බව නවසීලන්ත ක්රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා.
මෙම තරගාවලියට එක්දින තරග 03ක් සහ පන්දුවාර 20යි 20 තරග 05ක් ඇතුළත් වී තිබු අතර පළමු එක්දින තරගය පකිස්ථානයේ රාවල්පින්ඩිහිදී ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණා. (colombotimes.lk)