Press "Enter" to skip to content

PCR කිරීමට බව පවසා නිවෙස් කොල්ලකන හොර PHI පිරිසක් සොයා පොලිස් පරීක්ෂණ

මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටි සැකකරුවන් කණ්ඩායමක් PCR පරික්ෂණය සිදුකිරීමේ මුවාවෙන් නිවසක තිබූ රන් භාණ්ඩ තොගයක් කොල්ලකෑමේ සිද්ධියක් මහව කැත්තපහුව ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.

ඊයේ සවස 3:30 ට පමණ මෙම කොල්ලකෑම සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.

අදාල නිවසේ තිබූ පවුම් තුනහමාරකට අධික රත්‍රන් තොගයක් මෙලෙස කොල්ලකා තිබෙනවා.

එම මංකොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙන බවයි පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ.

More from | LOCALMore posts in | LOCAL »