Press "Enter" to skip to content

රටවල් 34 ක දේශපාලඥයින් සහ රාජ්‍ය නිලධාරීන් හැකර්වරුන්ගේ ඉලක්ක අතරට

ෆෙගසස් මෘදුකාංගය භාවිත කරමින් ඔත්තු බැලීමේ වින්දිතයින් බවට පත්වූවන්ගේ ලැයිස්තුවට ප්‍රංශ ජනාධිපති එම්මෑනුවෙල් මැක්‍රොන් ද ඇතුළත් බව අනාවරණය වී තිබෙනවා.

එම මෘදුකාංගය හරහා 2017 වසරේ සිට ප්‍රංශ ජනාධිපතිවරයාගේ පෞද්ගලික තොරතුරු ලබාගෙන ඇති බවට සැක කෙරෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

ඉරාක ජනාධිපති බරම් සාලී සහ දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා ද වින්දිතයින්ගේ ලැයිස්තුවට ඇතුළත්.

ඊට අමතරව පකිස්තානය, ඊජිප්තුව සහ මොරොක්කෝවේ වත්මන් අග්‍රාමාත්‍යවරුන්ගේ මෙන්ම මොරොක්කෝ රජුගේ තොරතුරු අදාළ මෘදුකාංගය හරහා ලබාගෙන ඇති බවට අනාවරණය වී තිබෙනවා.

හැකර්වරුන්ගේ ඉලක්ක අතරට, රටවල් 34 ක දේශපාලඥයින් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළත්.

මෙම මෘදුකාංගය, NSO නමැති ඊශ්‍රායල සමාගමක නිර්මාණයක්.

පෙගසස් මෘදුකාංගය හරහා ඔත්තු බැලීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද්‍රෝහි ක්‍රියාවක් කර ඇති බවට ඉන්දීය විපක්ෂය චෝදනා කළේ අදාළ ලැයිස්තුවෙන් පුද්ගලයින් දහසක් ඉන්දියානුවන් වීමත් සමඟයි.

ඉන්දීය විපක්ෂ දේශපාලඥයින්, මාධ්‍යවේදීන් හා ව්‍යාපාරිකයින්ගේ දුරකතන පෙගසස් මෘදුකාංගය ඔස්සේ හැක් කර ඇතැයි චෝදනා එල්ල වනවා.

වෙනත් රටක ඔත්තු බැලීමේ මෘදුකාංගයක් භාවිත කරමින් කොංග්‍රස් නායක රාහුල් ගාන්ධි ඇතුළු දේශපාලඥයින්, මාධ්‍යවේදීන් ආරක්ෂක ප්‍රධානීන් ,අධිකරණ නිලධාරීන් පිළිබඳ ඔත්තු බැලීම, ද්‍රෝහී ක්‍රියාවක් පමණක් නොව සමාව දිය නොහැකි ජාතික ආරක්ෂාව අඩපණ කිරීමක් බව ඉන්දීය කොංග්‍රස් පක්ෂය චෝදනා කළා.

එහෙත්, පෙගසස් මෘදුකාංගය භාවිත කරමින් අනවසර ඔත්තු බැලීමේ ක්‍රියාවලියක නිරත වීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා ඉන්දීය රජය ප්‍රතික්ෂේප කළා. (colombotimes.lk)

BBC graphic
BBC graphic
More from | INTERNATIONALMore posts in | INTERNATIONAL »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *