Press "Enter" to skip to content

පාසල්වල පළමු වසරේ සිටිය යුතු ළමයින් සංඛ්‍යාව වැඩිකිරීමට එරෙහිව පෙත්සමක්

රජයේ පාසල්වල පළමු වසර සඳහා සිටිය යුතු ළමයින් සංඛ්‍යාව 40 දක්වා වැඩිකිරීමට අධ්‍යාපන බලධාරීන් ගෙන තිබෙන තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ, ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා විසින්.

එහි වගඋත්තරකරුවන් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා, ජාතික පාසල් අධ්‍යක්ෂවරයා සහ අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා නම් කර තිබුණා.

2011 වසරේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශයට පත් කළ නියෝගයකට අනුව ජාතික පාසල් වල සියලු පන්ති සඳහා සිටිය යුතු උපරිම ළමුන් සංඛ්‍යාව 35කට සීමාකර තිබූ බවයි පෙත්සම්කරුවන් පවසන්නේ.

එහෙත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් පසුගිය මැයි මස 28 වනදා නිකුත්කළ චක්‍රලේඛයක් මගින් පළමු වසර සඳහා රජයේ පාසල්වල පන්තියක සිටියයුතු ළමුන් සංඛ්‍යාව 40 දක්වා වැඩි කිරීමට තීරණය කරමින්එ ය ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට මෙන්ම අධ්‍යාපන සේවා පනත් විධිවිධානවලට පටහැනි බවද පෙන්වා ද පෙත්සම්කරු විසින් පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව පළමු වසර පන්තියක සිටියයුතු ළමුන් සංඛ්‍යාව 40 දක්වා වැඩිකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිකුත්කර ඇති චක්‍රලේඛය බලරහිත කිරීමේ ආඥාවක් නිකුත්කරන ලෙස එම පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා. (colombotimes.lk)

More from | LOCALMore posts in | LOCAL »