Press "Enter" to skip to content

“තරග 5ටම සැලසුම් හදලයි යන්නේ” – මහේල ජයවර්ධන

තරඟාවලි සඳහා පොරොන්දු වූ කාල සටහනට අනුව වැඩ අවසන් කර තිබෙන බව මහේල ජයවර්ධන මහතා ප්‍රකාශ කරනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ කටයුතු කරන මෙන් ආරාධනාව ලැබුනේ තරංග ආරම්භයට සති තුනකට පෙර බවත් ඒ අවස්ථාවේදී දින 10ක් කණ්ඩායම සමඟ කටයුතු කිරීමට පොරොන්දු වූ බවත් ඔහු සඳහන් කළා.

එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ මානසික මට්ටමක සිටින බවත් ඔවුන් හොදින් ක්‍රීඩා කරන බවත් ඔහු පැවසුවා.

තරඟාවලියකට යද්දී ක්‍රීඩකයන් ගැන විශාල විශ්වාසයක් ප්‍රේක්ෂකයන් තුළ ඇති නොවීම සාමාන්‍ය දෙයක් බවද විචාරකයන් පවා එසේ පවසන බවද ඔහු ප්‍රකාශ කළා.

පුහුණු කරුවන් මෙන්ම ක්‍රීඩකයන්ද ඔහුගේ අදහස් ක්‍රියාවට නැංවීමට කටයුතු කිරීම වැදගත් දෙයක් බවත් එසේ උපක්‍රමශීලිව කටයුතු කිරීම අගයකොට සැලකිය යුතු බවත් වැඩිදුරටත් සඳහන් කළා.

තෝරාගෙන සිටින ක්‍රීඩකයන්ගෙන් උපරිම ප්‍රයෝජන ගත හැකි ආකාරයෙන් කටයුතු කල බවද ඔහු සඳහන් කළා. (colombotimes.lk)

Viber