Press "Enter" to skip to content

මුළු රටම විවෘත කිරීම ගැන ජනපති විසින් ඇමති මණ්ඩලයට කියූ දේ

සැප්තැම්බර් මාසයෙන් පසු රට වසා දැමීමට කටයුතු නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අමාත්‍ය මණ්ඩලයට ඊයේ (26 වැනිදා) දැනුම් දී තිබෙනවා.

ජූලි සහ අගෝස්තු මාස අවසන් වන විට තවත් කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 10.5ක් මෙරටට ලැබීමට නියමිත බව ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ඇමති මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයා සඳහන් කළා.

එම එන්නත් ලබාදීමෙන් එන්නත්කරණයද 80%කින් පමණ අවසන් වන බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

මෙරට ආර්ථික අර්බුදයට හේතුව කොවිඩ් නිසා රට වසා දැමීම බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා. (colombotimes.lk)

More from | POLITICALMore posts in | POLITICAL »