Press "Enter" to skip to content

ගණිකා වෘත්තිය, අපරාධමය වැරදි ලැයිස්තුවට

ගණිකා වෘත්තිය, අපරාධමය වැරදි ලැයිස්තුවට ඇතුළත් කරන බවට, ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පෙද්‍රෝ සැන්චෙස් පොරොන්දුවක් ලබා දී තිබෙනවා.

ඒ, වැලෙන්සියා නුවර පැවති සමාජවාදී පක්ෂයේ තෙදින සම්මේලනයේ සමාප්ති උත්සවය අමතමින්.

ඔහු සඳහන් කළේ ගණිකා වෘත්තියෙන් කාන්තාවන් වහල්භාවයට පත් කරන බවයි.

ජනගහනයෙන් වැඩි පිරිසක් ගණිකා වෘත්තීයේ නිරත වන රටවල් අතර ස්පාඤ්ඤය තුන්වැනි ස්ථානයේ පසුවන බව, එක්සත් ජාතීන්ගේ සංවිධානය 2011 වසරේ කළ අධ්‍යයනයකින් අනාවරණය වුණා.

එම ලැයිස්තුවේ පළමු සහ දෙවැනි ස්ථාන තායිලන්තය සහ පෝටෝ රිකෝ රාජ්‍යයන්ට හිමිව තිබෙනවා.

සාමාන්‍යයෙන් ස්පාඤ්ඤ කාන්තාවන් තුන් ලක්ෂයකට අධික පිරිසක් ගණිකා වෘත්තියේ නිරත වනවා.

2019 වසරේ පැවති මහමැතිවරණ සටනේදී ස්පාඤ්ඤ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධාන පොරොන්දුවක් වූයේ ගණිකා වෘත්තිය තහනම් කිරීමයි.

ඒ හරහා ඔහු වැඩි ජනතා ආකර්ශනයක් ලබාගැනීමට සමත් වුණා. (colombotimes.lk)

Viber
More from | INTERNATIONALMore posts in | INTERNATIONAL »