Press "Enter" to skip to content

රාජ්‍ය සේවකයන් අද දීප ව්‍යාප්ත විරෝධතාවක

වැටුප් වැඩි කිරීම ඇතුලු‍ ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති කිහිපයක් අද දහවල් 12ට දීපව්‍යාප්ත විරෝධතාවයක නිරත වන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසනවා.

දුම්රිය, තැපැල්, සෞඛ්‍ය සහ පරිපාලන ඇතුලු‍ ක්ෂේත්‍ර කිහිපයක සාමාජිකයින් එක්ව පිහිටුවාගත් වැටුප් වැඩිකර ගැනීමේ වෘත්තීය සමිති එකමුතුව විසින් මෙම විරෝධතා ව්‍යාපාරය සංවිධානය කර ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
(colombotimes.lk)

Viber
More from | LOCALMore posts in | LOCAL »