Press "Enter" to skip to content

රැජිණිකාන්ත් දේශපාලනයට සමුදෙයි

අනාගතයේදී දේශපාලනයට පිවිසීමේ කිසිදු අදහසක් නොමැති බව ප්‍රවීණ ඉන්දී රංගන ශිල්පී රැජිණිකාන්ත් පවසනවා.

ඔහු ඒ බව සඳහන් කළේ ඔහු විසින් පිහිටුවන ලද රැජිණි මක්කල් මන්ද්‍රම් පක්ෂයේ සාමාජිකයින් හමුවීමෙන් අනතුරුව ටුවිටර් පණිවුඩයක් නිකුත් කරමින්.

2017 වසරේ දෙසැම්බර් මාසයේදී ඔහු ආර්එම්එම් පක්ෂය පිහිටුවනු ලැබුවා.

සිය දේශපාලන අරමුණු වලට ළඟාවීමට නොහැකිවීම හේතුවෙන් එම පක්ෂය ද විසුරුවා හරින බව ඔහු ප්‍රකාශ කළා.

ඔහු ටුවිටර් පණිවුඩයෙන් සඳහන් කළේ පසුගිය කාලයේ රජිණිකාන්ත් රසික සුභසාධක සංගමය, රජිනී මක්කල් මන්ද්‍රම් බවට පත් කර තමා දේශපාලන පක්ෂයක් පිහිටවූ බවයි.

දේශපාලනයට අවතීර්ණ වී දිස්ත්‍රික් මට්ටමින් සංවිධාන තනතුරු පිහිටුවා විශාල වෙනසක් කිරීමට උත්සහ කළ බව ද ඔහු ප්‍රකාශ කළා.

එහෙත්, පවතින තත්වය මත සිය ප්‍රතිපත්ති ඉදිරියට ගෙනයාමට නොහැකි වූ බව ඔහු සිහිපත් කළේ කනගාටුවෙන්.

ඒ අනූව පක්ෂය විසුරුවා හැරිය ද, රජිනිකාන්ත් රසික සුභසාධක සංගමය සුපුරුදු පරිදි පවත්වාගෙන යන බව ඔහු අවධාරණය කළා.(colombotimes.lk)

More from | ENTERTAINMENTMore posts in | ENTERTAINMENT »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *