Press "Enter" to skip to content

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බිය ගැන්විම හා රඳවා තබා ගැනීම ගැන රනිල් කනසල්ලෙන්

එක්සත් ජාතික පක්ෂයේ නායක හා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (19) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බිය ගැන්වීමට හා රඳවා තබා ගැනීමට දරන උත්සාහය පිළිබඳව පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග යටතේ කරුණු ඉදිරිපත් කළා.

පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කරමින් අදහස් දක්වමින් වික්‍රමසිංහ මහතා මෑතකදී පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බාදුදින් අත්අඩංගුවට ගැනීම හා රඳවා තබා ගැනීමට හේතුව සභාවට දැනුම් දිය යුතු බව සදහන් කළා.

අත්අඩංගුවට ගැනීමට හේතුවක් පාර්ලිමේන්තුවට ලබා නොදී රිෂාඩ් බාදුදින් මන්ත්‍රීවරයා රඳවා තබා ගැනීම සිදු කර ඇති බවයි රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ.

මෙය සභාවේ අයිතිවාසිකම්වලට පටහැනි බවත්, සාමාජිකයෙකු රඳවා තබා ගැනීමට හේතුව සභාවට ඉදිරිපත් කළ යුතු බවත් වික්‍රමසිංහ මහතා සඳහන් කළා.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඔහු අත්ඩංගුවට ගැනීමට උත්සාහ කරන බව රනිල් වික්‍රමසිංහ මන්ත්‍රී වරයා පෙන්වා දුන්නා.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව හරින් ප්‍රනාන්දු කළ ප්‍රකාශ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් විසින් විසඳා ඇති බවයි වික්‍රමසිංහ මහතා පවසුවේ.

පාර්ලිමේන්තුවට එහි සාමාජිකයින්ගේ අයිතිවාසිකම් සහ පාර්ලිමේන්තුවට අවසානයේ වගකිව යුතු කැබිනට් මණ්ඩලයේ බලතල ආරක්ෂා කරමින් පාර්ලිමේන්තුව ආරක්ෂා කරන ලෙස හිටපු අගමැතිවරයා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියා.

මෙම කරුණු සම්බන්ධයෙන් කථානායකවරයා විසින් තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා සිටි අතර එය පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයට සහ ජාත්‍යන්තර පාර්ලිමේන්තු සංගමයට යොමු කරන ලෙස ඉල්ලා සිටියා. (colombotimes.lk)

More from | POLITICALMore posts in | POLITICAL »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *