Press "Enter" to skip to content

𝗧𝗥𝗘𝗡𝗗𝗜𝗡𝗚 𝗦𝗧𝗢𝗥𝗬: තෝකියෝ ඔලිම්පික්, කම් සැප සහ කාර්ඩ්බෝර්ඩ් ඇඳන්

මේ දිනවල ලෝකය පුරා බුකිවාසීන්ගේ අවධානය යොමු වී ඇති එක් කරුණක් වූයේ තෝකියෝ ඔලිම්පික් ගම්මානයේ කාමරවල ඇති කාර්ඩ්බෝර්ඩ් ඇඳන්.

මෙම ඇඳන් වල රමණය කිරීමට තරම්වත් බරක් ඉසිලිය නොහැකි බව පවසමින් සමාජ ජාලා හරහා තොරතුරු පැතිරෙමින් තිබෙනවා.

කෙසේ වෙතත් තෝකියෝ ඔලිම්පික් උළෙල වෙනුවෙන් කාර්ඩ්බෝර්ඩ් ඇඳන් සහ පොලිඑතිලීන් මෙට්ට 18,000 ක් සාදා තිබෙනවා.

ඔලිම්පික් තරගවලින් පසුව මේ කාර්ඩ්බෝර්ඩ් ඇඳන් ප්‍රතිචක්‍රිකරණය කොට කඩදාසි නිපදවෙන අතර, පොලිතිලීන් මෙට්ට ප්‍රතිචක්‍රිකරණය කොට ප්ලාස්ටික් භාණ්ඩ නිපදවීම සඳහා භාවිත කිරීමට නියමිතයි.

එමෙන්ම මේ එක් ඇඳකට කිලෝ ග්‍රෑම් 200 කට අධික බරක් ඉසිලිය හැකි බවයි වාර්තා වන්නේ.

සමාජ මාධ්‍ය කැළඹු මෙම තෝකියෝ ඔලිම්පික් ගම්මානයේ කාමරවල ඇති කාර්ඩ්බෝර්ඩ් ඇඳන් පිළිබඳව අපුරු සටහනක් ප්‍රවීන මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි මහතා තම Facebook ගිණුමේ තබා තිබුණා.

එම සටහන පහතින්…(colombotimes.lk)

More from | ENTERTAINMENTMore posts in | ENTERTAINMENT »