Press "Enter" to skip to content

ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය වෙනුවෙන් ආණ්ඩුවේ සියලුම මැති ඇමතිවරුන්ට අගමැතිගෙන් විශේෂ දැනුම්දීමක්

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජනබලවේගය විසින් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව අද (19දා) හා හෙට (20ද) විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.

ඒ, ඉන්ධන මිල වැඩිකිරිම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන්.

ඉන් අනතුරුව ඒ වෙනුවෙන් ඡන්ද විමසීම හෙට (20දා) පස්වරුවේදී සිදුකිරීමට නියමිතයි.

මේ අතර ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැති ආණ්ඩුපක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ආණ්ඩුවේ සියලුම මැති ඇමතිවරුන් කොළඹ රැඳි සිටිය යුතු බවට සඳහන් කර තිබෙනවා.

ඒ අනුව අද දිනයේදී හා හෙට දිනයේදී සියලුම මන්ත්‍රීවරුන් කොළඹ රැඳී සිටිමින් විශ්වාසභංග යෝජනාව පරාජයට පත්කිරීම සඳහා උපරිම දායකත්වයක් ලබාදිය යුතු බවට සඳහන් කර තිබෙනවා. (colombotimes.lk)

More from | POLITICALMore posts in | POLITICAL »