Press "Enter" to skip to content

✅ 𝗙𝗔𝗖𝗧 𝗖𝗛𝗘𝗖𝗞𝗘𝗗: හෙරිටන්ස් කණ්ඩලම හෝටලය වැසූ කතාවේ ඇත්ත නැත්ත

දිවයින පුරා පනවා ඇති සංචරණ සීමා හේතුවෙන් හෙරිටන්ස් කණ්ඩලම හෝටලය තාවකාලිකව වසා තිබෙන බව එම හෝටල් කළමනාකාරීත්වය පවසනවා.

සංචරණ සීමා පැනවූ අවස්ථාව දක්වා ම හෝටලයේ වැඩ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවුණු බවයි හෙරිටන්ස් කණ්ඩලම හෝටලය වසා දමා තිබෙන බවට සමාජ මාධ්‍යවල පළ වන වාර්තාවලට ප්‍රතිචාර දක්වා නිවේදනයක් නිකුත් කරමින් එම හෝටල් කළමනාකාරීත්වය සඳහන් කළේ.

ඒ අනුව, සංචරණ සීමා ඉවත් කළ පසු ඉදිරියේදී අමුත්තන් සඳහා නැවත හෙරිටන්ස් කණ්ඩලම හෝටලය විවෘත කිරීමට බලාපොරොත්තු වන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

අදාළ නිවේදනය පහතින්…(colombotimes.lk)

May be an image of text
Viber
More from | ✅ 𝗙𝗔𝗖𝗧 𝗖𝗛𝗘𝗖𝗞More posts in | ✅ 𝗙𝗔𝗖𝗧 𝗖𝗛𝗘𝗖𝗞 »