Press "Enter" to skip to content

මෙරට නව ආරක ඉඩම් කොල්ලයකට ගොදුරු වූ තැනක් ගැන විපක්ෂ නායකවරයා හෙළිකරයි (VIDEO)

රටේ නව ආරක ඉඩම් මංකොල්ලයක් සිදුවෙමින් පවතින බවත්, එහි ගොදුරක් බවට පානම ප්‍රදේශය පත්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

විපක්ෂ නායකතුමා මේ බව පැවසුවේ පානම රාගම්වෙල ගම්මානයේ ඉඩම් මංකොල්ලයක් සම්බන්ධයෙන් සැලවීමත් සමග ඒ පිළිබඳව සොයා බැලීමට පානම ශ්‍රී බෝධිරුක්කාරාමයට පැමිණි අවස්ථාවේදීයී.

ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පානම ශ්‍රී චන්ද්‍රරතන නාහිමිපාණන් වහන්සේ ද බැහැ දැක ආශිර්වාදය ලබාගත් විපක්ෂ නායකතුමා එම ස්ථානයට පැමිණ සිටි ගම්වාසින් අමතා මේ බව සඳහන් කළා.

රටේ දේශීය සම්පත් කුණුකොල්ලෙට පිට රටට විකුණමින් සිටින ආණ්ඩුව අනෙක් පැත්තෙන් අහිංසක පොදු ජනතාවගේ ඉඩම් මංකොල්ල කෑමට අනුබල දෙමින් සිටින බව පැවසූ විපක්ෂ නායකතුමා, දේශපාලන බලය තිබූ පලියට, මුදල් තිබුණ පලියට, මේ ඉඩම් මංකොල්ලය කිරීමට කිසිවෙකුට ඉඩ නොදිය යුතු බවද පැවසුවා.

ආණ්ඩුව මේ රට තල්ලු කරගෙන යමින් සිටින්නේ අතිශය ඛේදනීය තත්ත්වයකට බවත් කැලෑ නීතිය අතටගෙන සිදුකරන මේ කොල්ල කෑමට එරෙහිව ගත යුතු සහ ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බවත් වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)

Viber
More from | POLITICALMore posts in | POLITICAL »