Press "Enter" to skip to content

“මේ ආණ්ඩුව සහමුලින්ම අසමත්” – සජිත් ප්‍රේමදාස

ජනාධිපතිවරයාගේ සිට අගමැතිවරයා දක්වාත්, අගමැතිවරයාගේ සිට මේ ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා දක්වාත් සහ මුලින්ම අසමත් බව පෙර පාසල් දරුවා පවා දන්නා කාරණයක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ආණ්ඩුවේම සිටින ඇතැම් ඇමැතිවරු ආණ්ඩුව විවේචනය කිරීමට පටන්ගෙන ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා, තමන් ඔවුන්ගෙන් ඉල්ලා සිටින්නේ ආණ්ඩුවේ තනතුරුවලින් ඉවත් වී එළියට පැමිණ ආණ්ඩුවට එරෙහි සටන ආරම්භ කරන ලෙසයි.

බඩු මිල වැඩි කිරීමෙන් ගිනස් වාර්තාවක් ආණ්ඩුව තබා ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා, රටේ දේශීය සම්පත් විකිණීමෙන් ද ආණ්ඩුව වාර්තා පිට වාර්තා තබා තිබෙන බවද පවසුවී.

හිටපු පළාත් සභා මන්ත්‍රී තෙන්නකෝන් නිලමේ මහතාගේ තිස්සමහාරාම ආසනයේ හම්බන්තොට කොට්ඨාශ සමගි ජනබලවේග ප්‍රධාන කාර්යාලය විවෘත කිරීම අද (18) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකළ අතර ඒමේ අවස්ථාවට සහභාගි වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා.
(colombotimes.lk)

Viber
More from | POLITICALMore posts in | POLITICAL »