Press "Enter" to skip to content

ලෝකයේ ලස්සනම බළලුන් ගැන හෙළිදරව්වක්

සෑම බළලෙක් හිමි පුද්ගලයෙක්ම ඔවුන් තමන්ගේ දරුවන් මෙන් සලකනවා.

එමෙන්ම තම ලොම් පිරුණු දරුවා ලස්සනම බව සිතීම සත්ත්ව ලෝකයේ රහසක් නොවේ. නමුත් හොඳම බළලා කවුද යන ප්‍රශ්නය විසඳීමට විද්‍යාවට අනුව තීරණය කරන්නේ කෙසේද ?

බළලුන්ගේ මුහුණේ හැඩය අනුව පර්යේෂකයන් Golden Ratio හෙවත් රන් අනුපාතය යනුවෙන් මිණුම් ක්‍රමයක් සොයාගෙන තිබෙනවා.

It's no secret that every cat parent thinks that their fur baby is the cutest — but can science help us settle the question of who's the fairest feline for once and for all? Pictured: the Norwegian Forest cat, a breed which may be the most mathematically pleasing to the eye

එය සමානුපාතිකයන් හරහා ගණිතමය ආකාරයෙන් බළලුන්ගේ අලංකාරය නිර්වචනය කරන සංකල්පයක් වනවා. මේ පරීක්ෂණයට ප්‍රසිද්ධ බළලුන් වර්ග 46ක් යොදා ගෙන තිබෙනවා.

නෝර්වීජියානු වනාන්තර, රුසියානු නිල් සහ මැන්ක්ස් බළලුන් වර්ග වඩාත් ආකර්ශනීයම බළලුන් වර්ගය වනවා. ඒ මම ගණනය කිරීමට අනුව ඔවුන්ගේ සාමාන්‍ය අනුපාතය ලකුණු 1.62ක් ලෙස හඳුනාගැනීමයි. ඒ රන් අනුපාතයට ආසන්න අගයක් බව පරීක්ෂකයන් සොයාගෙන තිබෙනවා.

They found that Norwegian Forest , Russian Blue (pictured) and Manx cats should be the most aesthetically appealing, with average ratio scores closest to the golden ratio of 1.62

ඊට හාත්පසින්ම වෙනස් බළලුන් ද මෙම පරීක්ෂණයට යොදාගෙන තිබෙනවා. එම වර්ග අතරින් හිමාලයානු, පීටර්බෝල්ඩ් සහ පර්සියානුවන් යන බළලුන් වර්ග ගණිතමය වශයෙන් රන් අනුපාතයට අනුව අඩුම අගයක් ලබාගෙන තිබෙනවා.

නමුත් බළලුන්ට ආදරය කරන්නන් සෑම බළලෙකුම ලස්සන යැයි තර්ක කරනවා. නමුත් රන් අනුපාතය නමින් හැඳින්වෙන විද්‍යාත්මක මූලධර්මය වඩා ඵලදායි බව ” All About Cats නිර්මාතෘ ඩොරන් වුල්ෆ්බර්ග් පවසා තිබෙනවා.

'Though cat lovers will argue that every cat is beautiful, the scientific principle of the golden ratio is more objective,' said All About Cats founder, Doron Wolffberg. Pictured: a Manx

රන් අනුපාතය යනු ආකර්ශනීය බව පිළිබඳ මැනිය හැකි මානවයා විසින් සොයාගත් එක හැරවුම් ලක්ෂයක් වනවා.

‘මෙම අනුපාතය ගණනය කරන්නේ මුහුණේ හැඩය අනුවයි, එය ගණිතයෙන් සමමිතිය ලෙස හැඳින්වෙන අතර අපගේ මොළයට වඩාත් සෞන්දර්යාත්මකව ආකර්ෂණය වන හැඩරුව පිළිබඳව ගණිතමය ඉඟියක් ලබා දේ.’ යනුවෙන් සඳහන් කර තිබෙනවා.

While Himalayan and Persian cats have a charm all of their own, their brachycephalic features sadly earnt them the dubious titles of 'ugliest cat breeds'. Pictured: a Himalayan cat

‘නමුත් විද්‍යාව කුමක් පැවසුවද, බළලුන්ගේ මුහුණේ හැඩය කුමක් වුවත්, සියලුම පුද්ගලයන්ව බළලුන් විසින් ආකර්ෂණය කර ගැනීම වැළැක්විය නොහැක,’ යනුවෙන්ද ඔහු තවදුරටත් සඳහන් කර තිබෙනවා.

බළලෙකු සමඟ බැඳී ඇති ඕනෑම පුගලයෙකු බළලුන්ගේ ලස්සන මණින්නේ මුහුණේ හැඩයෙන්ම නොවේ. එය ඉන් එහා ගිය ගැඹුරු සිතුවිල්ලක් බවද ඔහු පවසනවා.

Letting your cat pick when it wants to be petted may improve your relationship — and also save you from getting bitten or scratched — a study has concluded. Pictured: a can bunts a man

එමෙන්ම ‘අතීතයේ බළලුන්ව දෙවිවරුන් ලෙස නමස්කාර කළේ මන්දැයි තේරුම් ගැනීම අපහසු නැත. මෙය බළලුන්ගේ ලෝකයක් බවත් අපි එහි ජීවත් වන බවත් සෑම බළල් හිමියෙක්ම දනී.’ යනුවෙන් ඔහු කරුණු දක්වා තිබෙනවා.

මෙම පරීක්ෂණය සිදුකිරීමේදී පර්යේෂකයන් බළලුන් වර්ග 46 ක ලැයිස්තුවක් සම්පාදනය කරන ලද අතර බළලුන්ගේ මුහුණේ කොටස් ඡායාරූප ලබා ගෙන තිබුණා.

'The results demonstrate a clear preference amongst cats for a more "hands off" approach to petting, which ultimately lets them call most of the shots,' said Dr Finka

පසුව බළලෙකුගේ මුහුණේ සෑම ඡායාරූපයක්ම විවිධ ප්‍රධාන අංගවල අනුපාතය සඳහා මැනීම් කර තිබෙනවා.

මේවාට මුහුණේ දිග, මුහුණේ පළල සහ නාසයේ පළල ඇතුළත් විය. එමෙන්ම හිස මුදුනේ සිට ඇස්වලට දුර, මුඛය සහ නාසයේ කෙළවර, ඇස්වල පිටත කොන් අතර සිට කන් වල පතුලට දුර, නිකට මෙන්ම මුඛයට සහ නාසයේ කෙළවරට දුර මැන තිබෙනවා.

මෙම සියලු මිනුම් එකතු කිරීමෙන් පසුව, ඒවා රන් අනුපාතය ​​හරහා ගණනය කර තිබෙනවා. එමඟින් එක් එක් අභිජනනය සඳහා සාමාන්‍ය අනුපාත ලකුණු තීරණය කර තිබෙනවා.

මෙය පරීක්ෂකයන් ශ්‍රේණිගත කළේ ලකුණු 1.62 රන් අනුපාතයෙන් කොපමණ ප්‍රමාණයක් අපගමනය වී ඇත්ද යන්න මතය.

බළලුන් වර්ග කිහිපයක් මෙම මැජික් අංකයට ඉතා සමීප වී තිබුණා. හතරවන සිට හයවන ස්ථාන පිළිවෙලින් Ragamuffin, Siberian සහ American Curl ලබා ගත්තා.

හිමාලයානු සහ පර්සියානු බළලුන්ට ඔවුන්ගේම ආකර්ශනීය බවක් ඇති බවද මෙහිදී හෙළිවී තිබෙනවා.

බ්‍රැචිසෙෆලික් ලක්ෂණ අනුව ඉතා අඩු අගයක් ලැබී ඇති අතර ඔවුන්ට ‘කැතම බළලුන්’ යන උපකල්පනය ලබා දී තිබෙනවා.

නමුත් මෙම උපකල්පනය පිළිබඳව පරීක්ෂකයන් පැවසුවේ ‘බළලුන්ගේ මිනුම් දෙස බලන විට, නාසය සහ විශාල ඇස් තරමක් අසාමාන්‍ය අනුපාත ලකුණු සහ අද්විතීය පෙනුමක් ලබා දීමට සමත්ව ඇත,” යනුවෙනි.

විශාල, උල් වූ කන් සහ කැපී පෙනෙන ලෙස ත්‍රිකෝණාකාර මුහුණක් ඇති ඩොන්ස්කෝයි සහ පෙරදිග ෂෝට්හෙයාර් යන බළලුන් මිශ්‍ර වී හැදුණ පීටර්බෝල්ඩ් ගේ අගයන් රන් අනුපාතයට කිසිසේත් සමාන වන්නේ නැත.

මෙම අධ්‍යයනයේ සම්පූර්ණ සොයාගැනීම් All About Cats මඟින් ප්‍රකාශයට පත් කරන තිබෙනවා.
(colombotimes.lk)

Viber