Press "Enter" to skip to content

ඊජිප්තු මමි තුනක “ජීවමාන රුව” ප‍්‍රතිනිර්මාණය වෙයි

ඊජිප්තු මමි තුනක “ජීවමාන රුව” ප‍්‍රතිනිර්මාණය කිරීමට ඇමෙරිකානු සමාගමක් සමත්ව තිබෙනවා.

මීට වසර දෙදහසකට පෙර දකුණු ඊජිප්තුවේ විසූ තිදෙනකුගේ රුව මෙසේ නිර්මාණය කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මොවුන්ගේ රුව අනුව වයස අවුරුදු 25 ක් ලෙස සැලකෙනවා.

එම මමි වලින් ගත් DNA දත්ත මත පදනම්ව මෙම නිර්මාණය සිදුකර තිබෙනවා.

DNA සම්බන්ධයෙන් කටයුතු කරන පැරබොන් නැනෝ ලැබ් සමාගම විසින් මෙම නිර්මාණය සිදුකර ඇති අතර ලොව ආදිකාලීන වැසියන් ජීවත්වූ ආකාරය සෙවීමට මේ පර්යේෂණ ඉවහල් විය හැකි බවයි එම සමාගම පවසන්නේ.
(colombotimes.lk)

Viber
More from | 𝗕𝗟𝗢𝗚More posts in | 𝗕𝗟𝗢𝗚 »