Press "Enter" to skip to content

ඔබේ බළල් පැටියා ගැන විද්‍යාඥයන් හෙළිකරන රහස්

බොහෝ දෙනෙක්ගේ නිවෙස් වල සුරතලයට බළල් පැටියෙක් එහෙමත් නැත්තන් පූසෙක් ඇති කරනවා. සමහර විට ඔබද සුරතල් පූස් පැටියෙකුගේ හිමිකාරයෙක් වෙන්න පුළුවන්. ඒ වගේම නිවසේ ඇති කරන තවත් සුරතල් සතෙක් තමයි සුනඛයින්.

සමහර නිවෙස් වල මේ දෙදෙනාම දක්නට ලැබෙනවා. ඒත් මේ කතා කරන්නේ බල්ලන්ගෙයි පූසන්ගෙයි වෙනස නෙමේ. පූසෙක් අතර දක්නට ලැබෙන වෙනස්කම් ගැනයි.

Key personality differences between cat breeds have been identified by scientists — with Russian Blues (top right) the most fearful and Turkish Vans (top left) the most aggressive

සුනඛයින් හා සසඳන විට බළලුන්ගේ හැසිරීම සහ පෞරුෂය ගැන දන්නේ බොහෝම සුළු පිරිසක් බව නොරහසක්. මේ හේතුවෙන් බළලුන් සම්බන්ධව හා ඒ ආශ්‍රිත ගැටලු සහ අවදානම් සාධක හඳුනා ගැනීම සඳහා ඉල්ලුමක් පැවතීම හෙල්සින්කි විශ්ව විද්‍යාලයේ විශේෂඥවරුන් බළලුන් යොදාගෙන ඔවුන්ගේ වෙනස් කම් අධ්‍යනය කිරීමට තරම්ම කරුණක් බවට පත්ව තිබුණා. මේ සඳහා බළලුන් 4,300ක් යොදා ගෙන තිබුණා.

'The most fearful breed was the Russian Blue, while the Abyssinian was the least fearful. The Bengal was the most active breed, while the Persian and Exotic were the most passive,' noted paper author Hannes Lohi, also of the University of Helsinki. Pictured: a Persian cat

සුරතල් සතෙකු ලෙස බළලුන් ඇති කිරීමේදී ඇතිවන ගැටලුකාරී හැසිරීම් රටාවන් වලින් මිදීමට සහ බළලුන්ගේ සුභසාධනය වැඩි දියුණු කිරීමට ඒ පිළිබඳව අවබෝධයක් සහ අවශ්‍ය උපකරණ තිබීම ඉතාමත් වැදගත් වනවා. මේ අනුව බළලුන් හා සම්බන්ධ වඩාත් පොදු චර්යාත්මක අභියෝගයක් තිබෙනවා. එනම් බොහෝ විට ඔවුන් අසලට යාමට හෝ ඔවුන්ව ස්පර්ශ කිරීමට නොදීමයි. මෙම අධ්‍යයනයේදී මිකෝලා මහත්මිය සහ සගයන් විසින් බළලුන්ගේ පෞරුෂය හා හැසිරීම පිළිබඳව ප්‍රකාශ 138ක් සකස් කර ඒ ප්‍රකාශ පිළිබඳව කොපමණ දුරට එකඟ වේදැයි අයිතිකරුවන්ගෙන් විමසන ප්‍රශ්නාවලියක් සකස් කර තිබෙනවා.

Analysis revealed seven key personality and behavioural traits that not only varied among individual felines, but also manifested as clear personality differences between different breeds. Pictured: a Russian Blue cat, which the team report is the most fearful breed

මේ ප්‍රශ්න රටාව සැකසී තිබුණේ උදාහරණ ලෙස බළලා නිවසේ සිටින අනෙකුත් බළලුන් සමඟ හොඳින් කටයුතු කරනවාද?, නුහුරු නුපුරුදු වැඩිහිටියන් නිතරම ඔබේ නිවසට පැමිණ සුහදශීලීව ආචාර කරනවාද? නැත්නම් බොහෝ විට හදිසියේම පැනීම වැනි කරුණු ඇතුලත් කර ගනිමිනි. මෙම පරීක්ෂණය සිදු කිරීමේදී විද්‍යාගාරයක් නොව බළලුන් ජිවත් වන පරිසරයම යොදාගෙන තිබුණා. මෙලෙස සමීක්‍ෂණය කිරීමේ වාසිය නම් බළලාට එම වටපිටාවට අසාමාන්‍ය ලෙස ප්‍රතික්‍රියා කළ හැකි වීමයි. එමෙන්ම දිගු කාලයක් තිස්සේ බළලුන් පුදුරුවී සිටි හැසිරීම් රටාව පිළිබඳ තොරතුරු එක්රැස් කර ගැනීමට හැකිවිමයි.

After studying more than 4,300 cats — from 26 different breed groups — the team identified seven key traits, including playfulness (pictured), fearfulness and grooming levels

මෙම විශ්ලේෂණයෙන් හෙළි වූ ප්‍රභල කරුණක් වන්නේ එක් එක් බළලුන් ඔවුනොවුන්ට වෙනස් වනවා පමණක් නොව, ඔවුන්ගේ අභිජනනයන් අතර පැහැදිලි පෞරුෂ වෙනස්කම් රාශියක් දැක්වෙන බවයි. මෙලෙස හදුනා ගත් ප්‍රධාන වෙනස්කම් නම්,

  • බළලුන් අතරින් වඩාත්ම බිය ගන්නවන බළලුන් වනුයේ රුසියානු නිල් (Russian Blue) නමින් හැදින්වෙන බළලුන් විශේෂ වන අතර ඉතා ක්‍රියාශීලි විශේෂය නම් පර්සියානු බළලුන් වේ.
  • සියම්ස් සහ බාලිනීස් යන සතුන් වැඩිපුරම රැකබලා ගැනීමට අවශ්‍ය ප්‍රභේද වන අතර තුර්කි වැන් විශේෂය මිනිසුන් කෙරෙහි ආක්‍රමණය කිරීමේදී සැලකිය යුතු ලෙස ඉහළ අගයක් ගත් අතර සමාජශීලී බවින් අඩු බළලුන් විශේෂයක් ලෙස දැක්විය හැක.
Letting your cat pick when it wants to be petted may improve your relationship — and also save you from getting bitten or scratched — a study has concluded. Pictured: a can bunts a man

පර්යේෂකයන් වැඩිදුරටත් පැවසුවේ බළලුන් අතරන් හොදම බළලා හෝ වර්ග දෙකක බළලුන් සංසන්දනය කිරීමක් ඔවුන් නොකළ අතර වෙනස් කම් පමණක් මෙම පරීක්ෂණයෙන් හෙළි කර ගත බවයි. එනම් බළලුන් පිළිබඳව එකිනෙකාට සාපේක්ෂව ඔවුන්ගේ හැසිරීම් පිළිබඳව දළ අදහසක් පමණක් ලබා ගත් බවයි. මේ පිළිබඳව වැඩිදුර අධ්‍යයනයන්හිදී, ගති ලක්ෂණ හා ගැටලුකාරී හැසිරීම් වලට බලපාන සාධක පරීක්‍ෂා කිරීම සඳහා වඩාත් සංකීර්ණ ආකෘති භාවිතා කිරීමට ඔවුන් තීරණය කර තිබෙනවා. එම ආකෘති වලදී එහි අභිජනනය, බළලාගේ වයස, ස්ත්‍රී පුරුෂ භාවය, සෞඛ්‍යය සහ පුළුල් පරාසයක පාරිසරික සාධක සැලකිල්ලට ගැනීමට තීරණය කර තිබීම විශේෂත්වයක්.

'The results demonstrate a clear preference amongst cats for a more "hands off" approach to petting, which ultimately lets them call most of the shots,' said Dr Finka

මෙලෙස බළලුන්ගේ පෞරුෂයන් බැලීම සඳහා ප්‍රශ්නාවලිය භාවිතා කිරීම ගැන සැලකිලිමත් විය යුතු එක් කරුණක් වනවා. එනම් ඒවායේ විශ්වසනීයත්වය ද තක්සේරු කළ යුතු වීමයි. මෙය සිදු කිරීම සඳහා පර්යේෂකයින් සමීක්‍ෂණය අවසන් කර මාස එකත් තුනත් අතර කාලයක් තුළදී අයිතිකරුවන් වෙත ළඟා වී ප්‍රශ්න පත්‍රය නැවත සම්පුර්ණ කරන ලෙසත් නැතහොත් නිවසේ වෙනත් වැඩිහිටියෙකුගෙන් ප්‍රතිචාර දක්වන ලෙසත් ඉල්ලා තිබෙනවා. මේ ද්විත්ව ප්‍රතිඵල මත පදනම්ව ගොනුකරගත් කරුණු කෙතරම් ස්ථාවරද යන්න එහිදී කණ්ඩායමට දැක ගැනීමට හැකි වුණා.

මේ ප්‍රතිචාර සංසන්දනය කිරීමේදී නිවැසියන් දෙදෙනෙක් එකම බළලාට ලබා දුන් ප්‍රතිචාරයන් බොහෝ දුරට සමාන වූ අතර පෞරුෂය හා හැසිරීම් ලක්‍ෂණ ප්‍රතිනිෂ්පාදනය කළ හැකි බව එහිදී හෙළි වූ බව පරීක්ෂක කණ්ඩායම පවසනවා.

ජාත්‍යන්තර වශයෙන් ගත් කල, මේ අධ්‍යයනය මෙතෙක් සිදු වූ වඩාත්ම පුළුල් හා වැදගත් සමීක්‍ෂණය වන අතර එය වැඩිදුර පර්යේෂණ සඳහා කදිම අවස්ථාවන් සපයන බව මේ පිළිබඳ පරීක්ෂක කණ්ඩායමේ සාමාජිකයෙක් වූ මහාචාර්ය ලොහි පැවසුවා. (colombotimes.lk) @Vimarshana Samrakoon

Viber
More from | 𝗕𝗟𝗢𝗚More posts in | 𝗕𝗟𝗢𝗚 »