Press "Enter" to skip to content

2020 ඔලිම්පික් තරග: නිලූකට අද දෙවැනි අවස්ථාවක් – ජූඩෝ ක්‍රීඩක චාමරත් අද තරග බිමේ

ශ‍්‍රී ලංකාවේ චාමර නුවන් ධර්මවර්ධන (ජූඩෝ) සහ නිලූක කරුණාරත්න (බැඩ්මින්ටන්) ශ්‍රී ලංකාව වෙනුවෙන් අද තරග බිමට පිවිසීමට නියමිතයි.

කිලෝ ග‍්‍රෑම් 73 ට අඩු බර පංතිය නියෝජනය කරමින් ජූඩෝ තරගයට සහභාගි වන චාමර නුවන් ධර්මවර්ධන, ෆැසිපික් කලාපයීය රටක් වන ජිබුටි ක‍්‍රීඩක ඇඩන් ඇලෙක්සැන්ඩ‍්‍ර සමග තරග වදිනවා.

මෙවර ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හොබවන ඔහු නොකඩවා සහභාගි වන දෙවන ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල මෙය වනවා.

මේ අතර නිලූක කරුණාරත්න අද (26) පස්වරු 03.50 ට තම දෙවන තරගයට ඉදිරිපත් වනවා.

ඒ, මීළඟ වටයට සුදුස්සකු වීම වෙනුවෙන් ලැබී ඇති අවස්ථාවෙන් ප‍්‍රයෝජනය ගැනීම සඳහායි.

ඔහු එහිදී අයර්ලන්තයේ එන්. නුගුයෙන් ක‍්‍රීඩකයාට එරෙහිව තරග වැදීමට නියමිතයි. (colombotimes.lk)

More from | 𝐃𝐚𝐢𝐥𝐲 𝐒𝐩𝐨𝐫𝐭𝐬More posts in | 𝐃𝐚𝐢𝐥𝐲 𝐒𝐩𝐨𝐫𝐭𝐬 »