Press "Enter" to skip to content

අයවැය දෙවැනි වර කියවීමේ පස්වන දිනය අදයි

අද උදෑසන 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ, අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේ පස්වන දිනය අදට යෙදී ඇති බැවින් වනවා.

අයවැය දෙවන වර කියවිමේ ඡන්ද විමසීම නොවැම්බර් 22 වනදා පස්වරු 05.00ට පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

එමෙන්ම මේ මස 23 වනදා සිට කාරක සභා විවාදය ආරම්භ වීමටද නියමිතයි.

කාරක සභා විවාදය ලබන දෙසැම්බර් 10 වනදා දක්වා දින 16ක් පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබෙනවා.

දෙසැම්බර් 10 වන දින පස්වරු 05.00 අයවැය තෙවන වර කියවිමේ ඡන්ද විමසීම පැවැත්වෙන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ. (colombotimes.lk)

Viber
More from | LOCALMore posts in | LOCAL »