Press "Enter" to skip to content

අවදානම් සහගත තවත් කොවිඩ් ප්‍රභේදයක් වාර්තාවෙයි

කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවෙන් හඳුනාගෙන තිබෙනවා.

B.1.1.529 ලෙස එම ප්‍රභේදය නම් කර තිබෙන අතර බොට්ස්වානා හා හොංකොංවලින් ද හඳුනාගෙන ඇති බවයි එරට බෝවන රෝග පිළිබඳ ජාතික ආයතනය පවසන්නේ.

එය දැඩි ලෙස විකෘති වී ඇති බරපතල ගැටලු මතු කරන ප්‍රභේදයක් වන බවත්, එන්නත්වලින් නිපදවන ප්‍රතිශක්තිය පවා අභිබවා යනු ඇති බවට විශේෂඥයින් සැක පළකරන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
(colombotimes.lk)

Viber