Press "Enter" to skip to content

සෞඛ්‍ය අමාත්‍යාවරයාගෙන් විශේෂ ඉල්ලීමක්

කොවිඩ් මර්දන එන්නත මෙතෙක් ලබාගෙන නැතිනම් වහාම එන්නත ලබා ගැනීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වයස 60ට වැඩි පුරවැසියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරනවා.

මෙම වයස් කාණ්ඩයේ පිරිස් වලට කොවිඩ් වැළඳීම ඉහළ බවත්, කොවිඩ් වැළඳීමෙන් මිය යන පිරිසෙන් බහුතරයක් වයස 60ට වැඩි පුද්ගලයන් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

වැරදි ආකල්ප සහ මතවාද නිසාද සමහරුන් කොවිඩ් මර්දන එන්නත ලබා නොගන්නා තත්වයක් තිබෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ. (colombotimes.lk)

Viber
More from | POLITICALMore posts in | POLITICAL »