Press "Enter" to skip to content

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කුසල්, ධනුෂ්ක, දික්වැල්ලගේ අභියාචනය සළකා බැලීමකින් තොරවම ඉවත දමයි

එංගලන්ත සංචාරය අතරතුර ජෛව බුබුළ රීතින් කඩකිරීමේ චෝදනවට ලක්වූ හිටපු උපනායක කුසල් මෙන්ඩිස්, ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට සහ කඩුළු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට වසරක ක්‍රිකට් තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කරනු ලැබුවා.

එසේම මාස 06ක කාලයකට දේශිය තරග තහනමක් සහ රුපියල් මිලියන 10ක දඩයක්ද ඔවුනට ක්‍රිකට් ආයතනය විසින් නියම කරනු ලැබුවා.

ඔවුන් එම දඩුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනය සළකා බැලීමකින් තොරවම ඉවත දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇතැයි වාර්තාවනවා.

එහි උසස් නිලධාරියෙකු සදහන් කළේ අභියාචනය පිළිබද සාකච්ඡා කිරීමට කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල පසුගියදා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් හමුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයට පැමිණි අවස්ථාවේදී ඔවුන්ට උපදෙස් දී පිටත්කර හැරී බවයි.

මෙහිදි ධනුෂ්ක ගුණතිලක විදේශගතව සිටීම හේතුවෙන් ක්‍රිකට් ආයතනයට පැමිණීමට නොහැකි වී ඇති බවත් පසුව පැමිණීමට අපෙක්ෂා කරන බවත් කුසල් මෙන්ඩිස් හා නිරෝෂන් දික්වැල්ල ක්‍රිකට් ආයතනයේ නිලධාරින්ට සදහන් කළද, ක්‍රිකට් ආයතනයෙන් ඔවුන්ට දැනුම් දී ඇත්තේ ධනුෂ්ක ගුණතිලකගේද පැමිණීමක් අවශ්‍ය නොවන අතර දී ඇති උපදෙස් අනුව කටයුතු කරන ලෙසයි.

ලබාදුන් දඬුවමේ සදහන් පරිදි මනෝ වෛද්‍ය උපදෙස් ගෙන යහමඟ පැමිණියහොත් දෙසැම්බර් මස පැවැත්වෙන එස්.එල්.පී.එල්. තරගාවලියට සහභාගි වීමට අවස්ථාව ලබාදීම ගැන සළකා බලන බව මෙහිදි ඔවුන් දෙදෙනාට දැනුම් දුන් බව එම උසස් නිලධාරියා වැඩිදුරටත් සදහන් කළා. (colombotimes.lk)

Viber