Press "Enter" to skip to content

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඕමානයේ පැවැත්වෙන තරගාවලියකට සහ ඉන් අනතුරුව විස්සයි විස්ස ලෝක ශූරතා තරගාවලිය සදහා සහභාගී වීමට අද (04 දින) දහවල් කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියා.

මෙම කණ්ඩායමට ක්‍රීඩකයන් 23 දෙනෙකු සහ පුහුණුකරුවන් හා නිලධාරීන් 13 දෙනෙකු වශයෙන්, සමස්ථ කණ්ඩායම 36 දෙනෙකුගෙන් සමන්විතයි.

මෙම ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම ඕමානයේ පැවැත්වෙන තරගාවලිය සදහා ඕමානය බලා පිටත්ව ගියා.

ඕමානයේ මෙම තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක ශුරතා තරගාවලිය සදහා ඩුබායි නුවර වෙත පැමිණීමට නියමිතයි.
(colombotimes.lk)

Viber