Press "Enter" to skip to content

රසල්ගේ Twitter පණිවිඩයට මිකීගෙන් පිළිතුරු

ඊයේ තරගයේ පරාජයෙන් පසුව මිකී ආතර් සහ ශ්‍රී ලංකා නායක දසුන් ශානක සමඟ ක්‍රීඩා පිටියේ ඇති වූ සිදුවීම සම්බන්ධව ජාත්‍යන්තර විචාරක රසල් ආර්නෝල්ඩ්ගේ Twitter පණිවිඩයට ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු මිකී ආතර් ප්‍රතිචාර දක්වා තිබෙනවා.

“කණ්ඩායම් නායකයා සහ කණ්ඩායම් පුහුණුකරු අතර එම සංවාදය සිදුවිය යුතුව තිබුණේ පිටියේදී නොව ඇඳුම් පැළඳුම් කාමරයේ” ලෙසයි රසල් සිය Twitter ගිණුම හරහා පවසා තිබුණේ.

“රස් අපි දිනන්නෙත් පරිදින්නෙත් එකට. නමුත් අපි හැම අවස්ථාවේදීම ඉගෙන ගන්නවා. දසුන් හා මම කණ්ඩායමක් ලෙස නැගී සිටිනවා.” මිකී ආතර් පවසා තිබෙනවා.

ඊයේ තරගය පරාජය වීම පිළිබඳව කණගාටුවන බවත් දසුන් හා තමා අතර සිදුවූයේ හොඳ විවාදයක් බවත් මිකී පවසනවා.

අදාළ Twitter සටහන පහතින්…(colombotimes.lk)

More from | 𝐃𝐚𝐢𝐥𝐲 𝐒𝐩𝐨𝐫𝐭𝐬More posts in | 𝐃𝐚𝐢𝐥𝐲 𝐒𝐩𝐨𝐫𝐭𝐬 »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *