Press "Enter" to skip to content

ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 187ක ජයක්

ශ්‍රී ලංකාව සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (25) සමත්වුණා.

තරගයේ පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රි ලංකාව ලකුණු 386 ක් රැස්කළ අතර කොදෙව්වන් පළමු ඉනිමේදී රැස්කළේ ලකුණු 230ක් පමණයි.

දෙවන ඉනිම වෙනුවෙන් ශ්‍රි ලංකාව ලකුණු191ක් රැස් කළා.

ඒ අනුව තරගය ජය ගැනීමට කොදෙව්වන්ට හිමිවූ ඉලක්කය ලකුණු 348ක්.

තරගයේ පස්වන හා අවසන් දිනය වූ අද සියල්ලන් දැවී කොදෙව් කණ්ඩායමට රැස්කරගැනීමට හැකි වුණේ ලකුණු 160ක් පමණයි.
(colombotimes.lk)

Viber