Press "Enter" to skip to content

පුංචි දරුවන් වෙනුවෙන් ලංකාවේ පළමු වරට රූපවාහිනී සීල වැඩසටහනක්

පාසලට ගොස් යාළුවො ගුරුවරු මුණ ගැසී, ගෙදරදී ලබන්න බැරි බොහෝ සුන්දර අත්දැකීම් විඳගන්න තිබුනු පුංචි දරුවන්ගේ ළමා කාලය මේ වන විට ගිලිහී ගොස් තිබෙනවා.

එනම් මේ කාලයෙන් අවුරුදු එක හමාරකට වැඩි කාලයක් කොවිඩ් 19 හේතුවෙන් නිවෙස් තුළට වී ගත කරන්න සිදු වී තිබීම හේතුවෙන්.

මේ වන විට දරුවන් සිටින්නේ ලොකු පීඩනයක බැවින් ඔවුන්ගේ හිතුවක්කාරකම් වලට බලපාන්නේ මේ හේතුව.

වර්තමානය වන විට Trip, picnic එකක් හෝ ගේ ළඟ පන්සලට පෝයටවත් යන්න පුලුවන් කමක් නැහැ.

TV එක ඉස්සරහ පෝයට සිල් සමාදන් කරත් පැයෙන් දරුවන්ගේ අවධානය කැඩෙන්නේ ඒ දේවල් ළමා මනසට බර වැඩි බැවින්.

මේ ප්‍රශ්ණෙට හොඳ විසඳුමක් ලෙස එළැඹෙන වප් පෝය දවසේ සිට ලංකාවේ ප්‍රථම වතාවට දරුවන් වෙනුවෙන්ම වෙන්වුනු, සිල් වැඩසටහනක් ඩයලොග් ටීවී නාලිකා අංක 52න් සමීප කරන්න A Plus Kids TV සූදානමින් සිටිනවා.

උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන්වහන්සේගේ සංකල්පයක් අනුව කංචක අසේල ගාල්ලගේ මහතාගේ උපදේශකත්වයෙන් A Plus kids TV සමඟ ජයමග tv එකතුවෙන් මේ විශේෂ සිල් වැඩසටහන පෝදා උදෑසන 6සිට දවල් 1 තෙක් ප්‍රචාරය කිරීමට නියමිතයි.

පුංචි දරුවන්ට දඬුවම් නොකර, ඒ හිත් හදන්න මේ විශේෂ වැඩසටහන සමඟ ඔවුන්ව එක් කරන මෙන් වැඩිහිටි ඔබට ගෞරවයෙන් ආරධනා කරන සිටින බව එම නාලිකාව සඳහන් කළා. (colombotimes.lk)

Viber