Press "Enter" to skip to content

මහා වැස්සේ පවත්වපු වීථි නාට්‍යය

කොවිඩ් 19 වසංගත තත්ත්වය පැතිර යාම වලක්වා ගැනිම පිළිබඳව වීථි නාට්‍යයක් මගින් විදහා දැක්වීමක් සිදු කර තිබෙනවා.

වතු ආශ්‍රිත ප්‍රදේශවල කොවිඩ් 19 වසංගත තත්ත්වය තවදුරටත් පැතිර යාම වලක්වා ගැනිම සදහා විධි නාට්‍යය අනුසාරයෙන් ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහනක් අද (10) දින හැටන් නගරයෙන් ආරම්භ කෙරුණා.

සෙව් ද චිල්රන්ස් සංවිධානය විසින් අදාල දැනුවත් කිරිමේ වැඩසටහන සංවිධානය කර තිබු අතර වතු ආශ්‍රිත සැම නගරයකම සහ තේ වතු වල වතු කම්කරුවන් වෙසෙන ස්ථාන වෙත ගොස් කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානම පිලිබදව සහ එය වලක්වා ගැනිමට අනුගමනය කල යුතු උපදෙස් සම්බන්ධයෙන් දැනුවත් කිරිමට පියවර ගන්නා බව එම සංවිධානයේ නිලධාරියෙක් ප්‍රකාශ කළා. (colombotimes.lk)

Viber