Press "Enter" to skip to content

කොවිඩ් නිසා දෙමාපියන් අහිමි වූ දරුවන් ගැන අධ්‍යයනයකදී හෙළිවූ දේ

කොවිඩ් වසංගතය හේතුවෙන් ළමුන් මිලියන 1.5 කට දෙමව්පියන් අහිමි වී ඇතැයි අනාවරණය වී තිබෙනවා.

ඒ, අමෙරිකාවේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය කළ විද්‍යාත්මක අධ්‍යයනයකදීයී.

ඒ අනූව කොවිඩ් වසංගතයේ මුල් මාස 14 තුළ ළමුන් මිලියන 1.5 කට, දෙමව්පියන් හෝ තම භාරකරුවන් අහිමි වී තිබෙනවා.

එම අධ්‍යයනය සිදුකර ඇත්තේ ලොව බහුලව කොවිඩ් මරණ වාර්තා වන රටවල් 21 ක් පදනම් කරගනිමින්.

එය, ලොව පුරා වාර්තා වූ මරණ ප්‍රතිශතයෙන් සියයට 77 ක්.

ඒ අනූව ලොව පුරා සිදුවන සෑම කොවිඩ් මරණ දෙකකින්ම කිසියම් දරුවෙකුගේ දෙමව්පියන් හෝ භාරකරුවන් අහිමි වී තිබෙනවා.

එම දරුවන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් තවත් වසර ගණනාවක් යනතුරු ඔවුන්ට සහාය වියයුතු බව, අදාළ අධ්‍යයනයට එක්වූ ඔක්ස්ෆර්ඩ් සරසවියේ අධ්‍යයන සම්බන්ධීකාරක ලුසී ක්ලූවර් ප්‍රකාශ කළා.

මේ අතර වසංගතය හේතුවෙන් ළමුන්ගේ මානසික සහ ශාරීරික සෞඛ්‍යයට දැඩි බලපෑම් එල්ල වී ඇතැයි ළමා රෝග විශේෂඥයින් පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ දරුවන්ගේ මානසික ආතතිය ඉහළ යාමේ රෝග ලක්ෂණ පිළිබඳ දෙමව්පියන් හැමවිටම සැළකිලිමත් විය යුතු බවයි. (colombotimes.lk)

More from | INTERNATIONALMore posts in | INTERNATIONAL »