Press "Enter" to skip to content

මෙරට තවත් භාණ්ඩ වර්ග ගණනාවක මිළ ගණන් ඉහල යාමක් ගැන සුනිල් හදුන්නෙත්ති හෙළිකරයි

පාරිභෝගික සේවා අධිකාරිය සමාගම් කිහිපයක් සමග අත්සන් තැබීමට සුදානම් වන ගිවිසුම් මාළාව ඔස්සේ මෙරට භාණ්ඩ වර්ග ගණනාවක මිළ ගණන් ඉහල යාමේ අවදානමක් පවතින බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

මිළ ඉහල නැංවිමට නොහැකි වන පරිදි වගන්ති අදාල ගිවිසුම්වල අන්තර්ගත වුවද, වසංගත තත්වයකදී එම වගන්ති බලාත්මක නොවන සේ සංශෝධන එක්කර ඇති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ.

වෙළෙද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සැබෑ ගැටළු යටපත් කිරීමේ අරමුණින් විවිධ ප්‍රකාශ සිදුකරන බවටද සුනිල් හදුන්නෙත්ති මහතා චෝදනා කළා.
(colombotimes.lk)

Audio Credits: NEWS RADIO
Viber
More from | POLITICALMore posts in | POLITICAL »