Press "Enter" to skip to content

ඇෆ්ගනිස්ථාන පුරුෂයන්ගේ රැවුල් කපා දැමීම තහනම් කෙරේ

ඇෆ්ගනිස්ථානයේ පුරුෂයන්ගේ රැවුල් මුලුමනින්ම කපා දැමීම හෝ අඩු කිරීමෙන් වළකින ලෙස ඇෆ්ඝනිස්ථානයේ හෙල්මන්ඩ් ප්‍රාන්තයේ කොණ්ඩා සැකසුම් මධ්‍යස්ථාන වෙත නියෝග කර තිබෙනවා.

ඒ, තලේබාන් සංවිධානය විසින්.

එය ඉස්ලාමීය නීතීයට පටහැණි බවත් මෙම නියමයන් කඩ කරන්නන් වෙතොත් දැඩි දඩුවම් පමුණුවන බවටත් ඔවුන් දන්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කාබුල් අගනුවර ඇතැම් සැලුන් හිමියන්ද තමන්ටද එවැනි නියෝගයක් ලැබුණු බව ප්‍රකාශ කර තිබෙනවා.

කොණ්ඩය සහ රැවුල් සැකසීමේදී අමෙරිකානු ක්‍රමයන්ගෙන් බැහැරවෙන ලෙසටද තලේබාන් සංවිධානය විසින් සැලුන් වෙත ලබාදුන් නියෝගයේ වැඩිදුරටත් සඳහන් බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
(colombotimes.lk)

Viber