Press "Enter" to skip to content

“උතුරේ තැපැල් කාර්යාල නොමැති ගැටලුවට ඉක්මනින් විසඳුම් ලබා දෙනවා” – ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම

කිලිනොච්චි දිස්ත්‍රික්කය ඇතුළු උතුරු පළාතේ ප්‍රමුඛ ගැටළුවක් බවට පත්වී ඇති තැපැල් හා උප තැපැල් කාර්යාල නොමැතිවීමේ ගැටලුවට කඩිනමින් විසඳුම් ලබාදීමට කටයුතු කරන බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

මේ හේතුවෙන් ජනතාව පත්ව ඇති අසීරුතාවයට කඩිනමින් විසඳුම් ලබා දීම සඳහා, උතුරු පළාත් දේශපාලන නියෝජිතයන් සමඟ සකච්ඡා කර අවශ්‍ය විසඳුම් ලබාදීමට කටයුතු කරන බව ඔහු අද (21) පාර්ලිමේන්තුවේදී පවසා තිබෙනවා.

දිවයින පුරා නව තැපැල් සහ උප තැපැල් කාර්යාල පිහිටුවීම තාවකාලික අත්හිටුවා ඇති බවත් 2020/2021 සහ ඉදිරි වසරේදී භෞතික ඉදි කිරීම් කිසිවක් සිදු කළ නොහැකි බවත් මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.

එහෙත් ඉදිරියේදී සංවර්ධන කටයුතු ආරම්භ කළ විගස එම දිස්ත්‍රික්ක සඳහා ප්‍රමුඛතාවය දීමට කටයුතු කරන බව අවධාරණය කර තිබෙනවා.

භූගෝලීය විශාලත්වය සහ ජන ගණත්වය අනුව, කිලිනොච්චිය ඇතුළු උතුරු පළාත තුළ පිහිටවිය යුතුව ඇති තැපැල් සහ උපතැපැල් කාර්යාල පිහිටුවා නොමැති බව මෙන්ම යුද්ධයෙන් පසු වැඩ අවසන් කිරීමට නොහැකි තැපැල් කාර්යාල පවා තිබෙන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා. (colombotimes.lk)

Viber
More from | POLITICALMore posts in | POLITICAL »