Press "Enter" to skip to content

සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත බලාත්මක කෙරේ

ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (21) පෙරවරුවේ සිය අත්සන සටහන් කර තිබෙනවා.

ඒ අනුව 2021 අංක 19 ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත අද (21) සිට බලාත්මක වන බවයි වාර්තා වන්නේ.

මුදල් අමාත්‍යවරයා විසින් 2021 වසරේ ජූලි මස 09 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර එය 2021 වසරේ ජූනි මස 28 වනදා ගැසට් කෙරුණා. (colombotimes.lk)

Viber
More from | POLITICALMore posts in | POLITICAL »