Press "Enter" to skip to content

පුරාවිද්‍යාත්මක සොයාගැනීම් වලින් හෙළිවන අපේ මුතුන්මිත්තන්ගේ කථා

මේ ලෝකයේ නිධන් හෑරීමේ පළමු පුවත වාර්තා වන්නේ කොල්ල කෑ සොහොනක් අසුරෙන්.

වැළලී ගිය ධනය හෙළි කිරීමට ඇති ආශාව ගවේෂකයන් උමතු කර තිබෙනවා පමණක් නොව, කිහිප දෙනෙකු පොහොසත් කර තවත් අය උමතුවේ අද්දරට තල්ලු කර තිබෙනවා.

19 වන සියවසේ මැද භාගයේදී පලස්තීනයට ගිය බ්‍රිතාන්‍ය සංචාරකයෙකු වූ මේරි එලිසා රොජර්ස් පවසා ඇත්තේ “කනෝස්—සැඟවුණු නිධාන සොයමින් මුළු ජීවිත කාලයම පාහේ ගත කරන ඇතැම් මිනිසුන් සිටින බවයි.

“ඔවුන්ගෙන් සමහරක් උන්මන්තකයින් බවට පත් වී, තම පවුල් හැර ගොස් ඇති අතර, ඔවුන් බොහෝ විට දුප්පත් වුවත්, ඔවුන් ගෙයින් ගෙට, ගමින් ගමට යමින්, තමන් පොහොසත් යැයි විශ්වාස කර බව.” ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

කෙසේ නමුත් පුරාවිද්‍යාව මගින් “පොළොවේ සඟවා ඇති වස්තූන්” අපට සැඟවුණු අතීතය දෙස බැලීමට ඉඩ සලසන බලවත් මෙවලම් බවට පැවත්වී හමාරයි.

මෙය අතිශයෝක්තියක් ලෙස පෙනේ නම්, පුරාවිද්‍යාවෙන් තොර ලෝකයක් ගැන සිතා බලන්න. එහි කිසිවක් නොමැති බව ඔබව වැටහෙනු ඇති. සුඛෝපභෝගී දේ, විශ්මයජනක දේවල්, මායා නගර, කිසිවක් නොමැති ඝන වනාන්තරයෙන් පිටතට නොපෙනෙන පරිසරයකට එය සමානයි.

නමුත් සත්‍යය එයට වඩා වෙනස් වනවා.

මේ වෙනසට මුල්වූ පුරාවිද්‍යා සොයාගැනීම් කිහිපයක් ගැන කතාකරන්නයි අද අපි ලෑස්තිවෙන්නේ…

Picture of three terra-cotta statues.
  • ටෙරා-කොටා වොරියර්ස්, 210 BC මරණින් මතු ජීවිතයේදී චීන ධිරජ්‍යයා ආරක්ෂා කිරීමට, චීනයේ පළමු අධිරාජ්‍යයා සමඟ මිහිදන් කරන ලද සොල්දාදුවන් සහ සේවකයන්ගේ ජීවමාන ප්‍රමාණයේ ප්‍රතිමා රාශියක් ඇතුලත් වනවා. 1974දී ගොවීන් විසින් සොයාගෙන තිබුණා. එතැන් පටන් පුරාවිද්‍යාඥයන් විසින් රණශූරයන් 8,000ක් පමණ මෙන්ම අශ්වයන්, රථ, ඇක්‍රොබැට් සහ සංගීතඥයන්ද මෙහි තිබී සොයාගෙන තිබෙනවා.
Picture of golden mask in glass display surrounded by crowd.
  • යොවුන් වියේ පාරාවෝගේ සොහොන, ක්‍රි.පූ. 1322 පුරාවිද්‍යාඥ හොවාර්ඩ් කාටර් විසින් 1922 දී ඊජිප්තුවේ ටුට් රජුගේ නිධානයෙන් පිරුණු සොහොන් ගෙය විවෘත කිරීමෙන් පසු තරුණ පාරාවෝ පිළිබඳව සොයාගෙන තිබෙනවා. කයිරෝවේ ඊජිප්තු කෞතුකාගාරයේ තරු ආකර්ෂණයක් ලෙස ඔහුගේ රන් අවමංගල්‍ය වෙස්මුහුණ තැන්පත් කර තිබෙනවා.
Picture of casts of two human bodies in glass display.
  • පොම්පෙයි සහ හර්කියුලේනියම් හි අවසාන මොහොත, 1981 දී පොම්පෙයි සංචාරය කිරීම, මෙන්ම ධනවත් රෝමානු නගර දෙකක් ගිල දැමූ වෙසුවියස් ගිනිකඳු පිපිරීමෙන් විපතට පත් වූවන්මෙමගින් සිහි කරනවා. 1924 සිට 1961 දක්වා පොම්පෙයිහි කැණීම් භාරව සිටි පුරාවිද්‍යාඥ Amedeo Maiuri මෙසේ පවසා තිබුණා. “හදිසියේම මිනිසුන් ඔවුන්ගේ මරණයේ මොහොතේදී අඳුරු අතීතයෙන් මිදෙමින් අනිත් අය නිදාගෙන ඉන්නවා වගේ සාමකාමීව ඔවුන්ද හාන්සි වී තිබෙනවා.” යනුවෙනි.
Picture of four monks in orange robes by ruins ancient.
  • ඇන්කෝර් වොට්, ක්‍රි.ව. 802-1431 13 වැනි සියවසේ උච්චතම අවස්ථාව වන විට, ඛමර් අධිරාජ්‍යයේ අගනුවර ලෝකයේ වඩාත්ම පුළුල් නාගරික ප්‍රදේශය විය. පුරාවිද්‍යාඥයන් නගරයේ විනාශය පිළිබඳ ඉඟි සොයද්දී, කාම්බෝජයේ පන්සල් සංකීර්ණය ගෞරවනීය ආගමික සිද්ධස්ථානයක් ලෙස එය භාවිතයට ගනිමින් තිබී ඇත.
Picture of rock art on lit cave wall.
  • වසර 20,000 කට පමණ පෙර සිටි මිනිසුන් දැන සිටි සතුන් මහා පරිමාණයෙන් උද්දීපනය කළ පැලියොලිතික් චිත්‍ර ශිල්පීන්ගේ කලා කෘති හමුවීම. නිරිතදිග ප්‍රංශයේ ලැස්කෝස් ගුහාව තුළින් මෙම සොයා ගැනීම් හමුවී ඇති අතර ඒවා මේ වන විට සංරක්ෂණය කර ඇත.
Picture of four men in protective suits and masks looking at the scan of the mummified body on the table before them.
  • ඉතාලියේ Bolzano හි විද්‍යාගාරයක, විද්‍යාඥයන් ප්‍රාග් ඓතිහාසික අයිස් මිනිසා වන Ötzi ගේ දේහය සොයා ගැනීම. ඔහුගේ උරහිසේ සිරවී ඇති මාරාන්තික ඊතලයක් බැලීමට එන්ඩොස්කොපියක්ද විද්‍යාඥයන් භාවිතා කර තිබෙනවා. ඊතලයේ පතුවළ කැඩී ගොස් ඇති අතර, එයින් ඇඟවෙන්නේ ඔට්සි එය උකහා ගැනීමට වෙහෙස වූ බව හෝ ඔහුගේ ඝාතකයා එය ඉවත් කිරීමට උත්සාහ කළ බවයි. විද්යාඥයන් ඔට්සිගේ බඩේ අන්තර්ගතය ද පරීක්ෂා කර ඇති අතර දඩයක්කාරයාගේ අවසන් ආහාර වේල වූයේ තෙල් සහිත, අයිබෙක්ස් සහ ධාන්‍ය බවද සොයාගෙන තිබෙනවා.
Picture of four people in white clothes and turbans on camel backs with pyramids on the background.
  • සුඩාන ඔටුවන් ගෙන් යුත් ජෙබෙල් බාර්කල්හි වසර 2,000ක් පැරණි නූබියන් රජවරුන්ගේ සහ බිසෝවරුන්ගේ සොහොන් ගෙවල් පසුකර ගොස් තිබෙනවා. නූබියන් රජවරු වසර 75 ක් පමණ පුරාණ ඊජිප්තුව පාලනය කළ අතර, රට යලි එක්සත් කර අධිරාජ්‍යයක් ගොඩනඟා ගත බවද සඳහන්.
Picture of quartz amulet crowned by a golden goddess.
  • අඟල් දෙකක් පමණ උස, කුෂයිට් රැජිනගේ සොහොනක තිබී හමු වූ ආමුලේටය. මෙය ඊජිප්තු දේවතාවිය වන හතෝර්ගේ හිස ආවරණය කර ඇති බව විශවාස කෙරෙනවා.
Picture of golden figure of woman with wide-spread wings.
  • දක්ෂ රන්කරුවන් විසින් නූරි හි සොහොන් කර ඇති නූබියන් රජුගේ මමිය. මෙහි කළ කැනීම් වලින් ඇතුලත තැන්පත් කර ඇති අයිසිස් දේවතාවියගේ ළය වැස්ම මෙහිදී සොයාගෙන තිබෙනවා.
Picture of people around stone sarcophagus.
  • පුරාවිද්‍යාඥයන් 1989 දී හොන්ඩුරාස්හි පුරාණ මායා නගරයක් වන කෝපාන්හිදී විශ්මය ජනක සොයාගැනීමක් කර තිබෙනවා.බලවත් රජෙකුගේ සොහොන සහ වසර 400ක් පමණ පාලනය කළ රාජවංශයක නිර්මාතෘ වරයෙක් පිළිබඳව එහිදී හඳුනාගෙන තිබෙනවා.
    (colombotimes.lk) – NATIONAL GEOGRAPHIC වැඩසටහනක් ඇසුරෙණි
Viber