තාවකාලිකව අත්හිටුවා තිබූ මඩකලපුව දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය නැවත අද (05) සිට ආරම්භ කරන බව ශ්රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය පවසනවා.
ඒ අනුව කොළඹ කොටුව සිට මඩකලපුව සහ ත්රිකුණාමලය දුම්රිය යළි ධාවනය වීමට නියමිත බවත්, කොළඹ කොටුව සිට මඩකලපුව දක්වා කොටුව දුම්රිය ස්ථානයෙන් රාත්රී 7.00 ට පිටත්වන ‘මීනගයා’ නගරාන්තර සීඝ්රගාමී දුම්රිය අද (5) සිට ධාවනය වන බවයි එම සංගමය පැවසුවේ.
තිරිඟු පිටි ප්රවාහන දුම්රිය කලාවැව දුම්රිය ස්ථානයේදී පීලි පැනීම නිසා මෙසේ එම මාර්ගයේ ධාවන කටයුතු ඇණ හිට තිබුණා.
කලාවැව දුම්රිය ස්ථානය ආසන්නයේ පීලි පැන තිබූ දුම්රිය මේ වන විට නැවත පීලිගත කර ඇති බවත්, ඉන්දියාවෙන් ආනයනය කළ එම එන්ජිම පීලිගත කිරීමට දින 05 ක් ගත වූ බවත් දුම්රිය ස්ථානාධිපති සංගමය වැඩි දුරටත් සඳහන් කළා.
(colombotimes.lk)