Press "Enter" to skip to content

උපේක්ෂා ස්වර්ණමාලි අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනීයක් මෙන්ම රංගන ශිල්පිනියක්ද වන උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය රිය අනතුරක් සිදු කිරීමක් සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 24 දින රාත්‍රී 11:00 ට පමණ මහනුවර දිසාවේ සිට කුරුණෑගල දිසාව දෙසට ගමන් කරමින් සිටියදී කටුගස්තොට පොලිස් බල ප්‍රදේශයේ නුගවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසලදී විරුද්ධ දිශාවෙන් පැමිණි යතුරු පැදියක ගැටීම හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇති බව පොලීසිය පවසනවා.

අනතුරින් තුවාල ලැබූ 18 හැවිරිදි තරුණයෙකු පේරාදෙණිය රෝහලට ඇතුළත් කළ බව ද පොලීසිය සඳහන් කළා.

ඇය බීමතින් සිට ඇත්දැයි අත්අඩංගුවට ගත් අවස්ථාවේදීම ස්වසන පරීක්ෂණයට ලක් කොට ඇති අතර ඇය බීමතින් නොසිටි බවද පොලිසිය පැවසුවා.

අත්අඩංගුවට ගත් සැකකාරිය 26 අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. (colombotimes.lk)

More from | ENTERTAINMENTMore posts in | ENTERTAINMENT »