Press "Enter" to skip to content

පූර්ණ එන්නත්කරණය වූ අයටත් ඔමික්‍රොන් වැළඳී ඇති බවට හෙළිවේ

දකුණු අප්‍රිකාවෙන් මුල් වරට සොයා ගැනුණු ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වූ දෙදෙනෙකු ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරින් වාර්තා වී තිබෙනවා.

ඔවුන් දකුණු අප්‍රිකාවේ සිට දෝහා හරහා ඕස්ට්‍රේලියාවට පැමිණ තිබෙන බව සඳහන්.

සිඩ්නි නුවර ප්‍රාන්ත බලධාරීන් සඳහන් කළේ මෙම ආසාදිතයන් හදිසි ජානමය පරීක්ෂාවකට ලක් කිරීමෙන් පසුව ඔවුන්ට මෙම නව ප්‍රභේදය ආසාදිත බවට තහවුරු වූ බවයි.

ඔවුන් දෙදෙනාම පූර්ණ එන්නත්කරණය ලැබූවන් වන අතර ඔවුන් සමඟ දකුණු අප්‍රිකාවේ සිට තවත් 12දෙනෙකු පැමිණ තිබෙනවා.

ඔවුන්ට කොරෝනා ආසාදනය වී නොමැති බවත් ඔවුන්ව නිරෝධායනයට ලක්කර බවත් බලධාරීන් සඳහන් කළා.

යානයේ පැමිණි මගීන් සහ කාර්ය මණ්ඩලයේ 260 දෙනෙකුටද ස්වයං නිරෝධායනය ලක් කර තිබෙනවා. (colombotimes.lk)

Viber