Press "Enter" to skip to content

Room Service සඳහා කාටූන් චරිත ඉල්ලුම් කළ හැකි අපූරු හෝටලය

වෝනර් බ්‍රදර්ස් සමාගමට අයත් හෝටලයක් පළමු වරට විවෘත කර තිබෙනවා. ඒ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේයි. අමුත්තන්ට තමන්ගේ Room Service සේවාව සඳහා ලූනි ටියුන්ස් චරිත වන Wascally Wabbit, Bugs Bunny වැනි චරිත ඉල්ලුම් කල හැකියි.

මෙම හෝටලය Hilton විසින් WB Abu Dhabi Curio Collection ලෙස හඳුන්වනු ලබනවා. එමෙන්ම එය Warner Bros. World Abu Dhabi ලෙස හැඳින්වෙන උද්‍යානය අසල Yas Island හි පිහිටුවා තිබෙනවා.

WB Abu Dhabi Curio Collection by Hilton is the first-ever Warner Bros. hotel - and it's now open

මෙම හෝටලය වෝනර් බ්‍රදර්ස් සිහිවටන වලින් පිරී ඉතිරී පවතින බව නොරහසක්. මෙහි 1956 Giant චිත්‍රපටයේ James Dean විසින් පැළඳ සිටි කව්බෝයි සපත්තු ප්‍රදර්ශනයට තබා තිබෙනවා. එපමණක් නොව The Batman චිත්‍රපටයේ නවතම Batmobile ඇතුළුව, පින්තූර 400කින් සහ චිත්‍රපට සහ රූපවාහිනී සිහිවටන වලින් හෝටලය අලංකාර කර තිබෙනවා.

එසේම පිටතින් ගොඩනැගිල්ලේ උස දක්වා විහිදෙන ඩිජිටල් තිරයක් දක්නට ලැබෙනවා. එහි හෝටලය සඳහා නිර්මාණය කරන ලද මුල් අන්තර්ගතයන ප්‍රදර්ශනය වීමට සලස්වා තිබෙනවා.

The lobby of the hotel, which is packed with 400 images and film and TV props from the Warner Bros. archives

ඇතුලට ඇතුළු වූ පසු, ‘Living Archive’ නමින් හැඳින්වෙන සර්පිලාකාර පඩිපෙළ හමුවනවා. එය විනෝදාස්වාදයේ භූමිකාවක් ලෙස සැලකෙන අතර ‘Warner Bros. හි ඉතිහාසය සඳහා කැප වූ භාණ්ඩ වල එකතුවක්’ දක්නට ලැබෙනවා.

1989හි බැට්මෑන් චිත්‍රපටයේ මයිකල් කීටන්ගේ කව්ල් [hood] සහ ද ග්‍රේට් ගැට්ස්බි හි මුල් චිත්‍රයක් ඇතුළත් මෙහි ඇතුලත් වනවා.

තේමාත්මක කලා කෘති එක් එක් කොරිඩෝවේ බිත්ති අලංකාරය සඳහා භාවිතා කර තිබෙනවා. එමඟින් අමුත්තන් ඔවුන්ගේ කාමර වෙත ගෙන යන මාර්ගයට ඉතා ආකර්ශනීය භාවයක් එක්කර තිබෙනවා.

Themed artwork decorates the walls of each corridor, which lead guests to their rooms. Pictured is one of the 257 Warner Bros-themed guest rooms in the new hotel

හෝටලයේ නිදන කාමර 257ක් ඉදිකර තිබෙනවා. එහි වෝනර් බ්‍රදර්ස් චිත්‍රපට සහ සංදර්ශනවල ‘කැපී පෙනෙන අවස්ථා’ උද්දීපනය කරන තිබෙන අතර ‘ස්ක්‍රිප්ට් සිට තිරය දක්වා’ අවස්ථා ප්‍රදර්ශනය කර තිබෙනවා.

වෝනර් බ්‍රදර්ස් නිෂ්පාදනවල කැමරාව ඉදිරිපිට සහ පිටුපස සිටින නළුවන් සහ නිර්මාණකරුවන් ඇතුලත්වන පරිදි ප්‍රදර්ශන අංග සකස්කර තිබීම විශේෂත්වයක් වනවා.

මෙහි තවත් තේමාවක් ලෙස ‘The Vault’ – Warner Bros. පින්තූර දක්වා තිබෙනවා.

The hotel rooms have three themes - ¿From Script to Screen', 'Artist Confidential' and 'The Vault'

එමෙන්ම හෝටලයේ අවන්හල් පහක් ඇති අතර, ඉන් එකක HBOහි විද්‍යා ප්‍රබන්ධ රූපවාහිනී වැඩසටහන වන ‘වෙස්ට්වර්ල්ඩ්’ හි පියානෝ සංගීතය සමඟ රාත්‍රී භෝජන සංග්‍රහය ගැනීමට ඉඩ සලස්වා තිබෙනවා.

තවත් අවන්හලක් වන Sidekicks හි පවුලට හිතකාමී, ජාත්‍යන්තර මෙනුවක් පිරිනමනු ලබනවා. The Matinee pool අවන්හලේදී මධ්‍යස්ථ ආහාර වේලක් භුක්ති විඳිය හැකි අතර එහි ‘කිමිදුම් තටාක රඟහලක්’ද පිහිටුවා තිබෙනවා.

The Matinee pool restaurant, pictured above, boasts 'a dive-in pool theatre' and serves Mediterranean food

තවද අලංකාර භෝජන අත්දැකීමක්’ බලාපොරොත්තු වන අයට ‘ද ඩිරෙක්ටර්ස් ක්ලබ්’ වෙත පිවිසිය හැකියි. , එහිදී ආහාර පිසීම සඳහා ගල් අඟුරු උඳුන් භාවිතා කරයි. එමෙන්ම ‘චිත්‍රපට දර්ශන සැකසුම පිළිබිඹු කිරීම’ සඳහා වූ අංග වලින් මෙම අවන්හලේ පසුබිම සකස්වී තිබෙනවා.

හෝටලයේ ‘The Overlook’ ලෙසින් තටාකයක් ඇති අතර එහිදී නගරයේ සහ මුහුදේ අංශක 360ක් දක්වා දර්ශන සහිත විවේකාගාරයක් පිහිටුවා තිබෙනවා.

හෝටලයේ ළමා සමාජය යනු ‘වෝනර් බ්‍රදර්ස්’ චරිතවලට ජීවය ලබා දීම සඳහා නිර්මාණය කර ඇති ජවසම්පන්න සහ සෙල්ලක්කාර අවකාශයකි. එහිදී බග්ස් බනී, ඩැෆි ඩක් වැනි චරිත වලට කුඩා දරුවන්ට විනෝදාස්වාදය ලබා දීමේ වගකීම පවරා තිබෙනවා.

Another view of the lobby. 'Our dream has come true with the grand opening to the first-ever Warner Bros. branded hotel,' says Warner Bros

මෙහි නවාතැන් ගත් පුද්ගලයන්ට සිහිවටන කිහිපයක් ලබා ගැනීමට අවස්තාව සලසා තිබෙන අතර ඒ සඳහා පවුල්වල සාමාජිකයන් සමඟ Warner Bros. store, ‘the Prop Shop’ වෙත යා හැක.

¿The Overlook¿, pictured above, is a lounge with an infinity pool and 360-degree views of Abu Dhabi and the sea

WarnerMedia Global Brands සහ Experiences හි සභාපති Pam Lifford පැවසුවේ: “පළමු වරට Warner Bros සන්නාමයක් සහිත හෝටලයක් විවෘත කිරීමත් සමඟ අපගේ සිහිනය සැබෑ වී තිබෙනවා. අපි සැමවිටම රසික අවධානයට ලක් වීමට උත්සාහ කරන අතර ඔවුන් දන්නා සහ ආදරය කරන ප්‍රකට Warner Bros සන්නාම, ෆ්‍රැන්චයිස් සහ චරිත සමඟ තවදුරටත් සම්බන්ධ වීමට ඉඩ සලස්වනවා. එමෙන්ම ඔවුන්ට සුවිශේෂී ආගන්තුක සත්කාර අත්දැකීමක් ලබාදීමටද කටයුතු කරනවා.” යනුවෙනි.

An international menu is served at Sidekicks, pictured above, which is a family-friendly restaurant

එමෙන්ම මෙහි සෑම ආගන්තුකයෙකුටම ඔවුන්ගේ නවාතැන් ගන්නා සෑම රාත්‍රියකටම උද්‍යානයට මෙන්ම යාස් දූපත් වල ඇති ආකර්ෂණ ස්ථාන වෙත ප්‍රවේශ වීමට අවස්ථාව සලසා තිබෙනවා.
(colombotimes.lk)

Viber