Press "Enter" to skip to content

ධිවර සහ නාවික ප්‍රජාවට අනතුරු ඇඟවීම්

ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.

මේ හේතුවෙන් මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ඉහළ යාම නිසා ධිවර සහ නාවික ප්‍රජාව ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කළ යුතු බවයි ඔවුන් ප්‍රකාශ කරන්නේ.

එසේම පුත්තලම සිට මන්නාරම හා කන්කසන්තුරේ දක්වා මුහුදු ප්‍රදේශවල ද සුළඟේ වේගය ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.(colombotimes.lk)

More from | WEATHERMore posts in | WEATHER »