Press "Enter" to skip to content

ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ක පමණ තරමක තද වැසි

සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

වයඹ පළාතේ වැසි වාර කිහිපයක් සහ දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී 40 – 50 දක්වා වන තරමක තද සුළං ඇති විය හැකි වනවා.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට මන්නාරම, වව්නියා, කිලිනොච්චි සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 60 – 70 දක්වා වැඩි වන බවද එම නිවේදනයේ සඳහන්. (colombotimes.lk)

More from | WEATHERMore posts in | WEATHER »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *